ගෙදරදීම Hand Sanitizer සාදාගනිමු.

සබන් යොදා ඔබේ අත් සේදීම වඩා හොඳය, නමුත් ඔබට සබන් හා ජලය නොමැති අවස්ථාවකදී Hand Sanitizer යනු හොඳම ආදේශකයවේ. වාණිජ Hand Sanitizer මිල අධික විය හැකි අතර, COVID-19 හේතුවෙන් වෙළදපොලේ Hand Sanitizer හිඟයත් පවතී. අද අපි ඔබට ගෙදරදීම මධ්‍යසාර භාවිතයෙන් පහසුවෙනුත් අඩුමුදලකටත් Hand Sanitizer සදාගන්නා ආකාරය ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන්නෙමු.

අවශ්‍ය ද්‍රව්‍ය :-

  1. 99% ක් ඇල්කොහොල් කෝප්ප 2/3 ක් (අයිසොප්‍රොපයිල් ඇල්කොහොල් වෙනත් ඇල්කොහොල් සාන්ද්‍රණයන් ආදේශ නොකර)
  2. පිරිසිදු කෝමාරිකා ජෙල් කෝප්ප 1/3 ක්
  3. කරාබු නැටි, කුරුඳු, ලෙමන් හෝ පෙපමින්ට් වැනි සුවඳකාරක බිංදු 8-10ක්
  4. මිශ්‍ර කිරීමට බඳුනක්
  5. හැන්දක්
  6. ප්ලාස්ටික් බහාලුමක්

බඳුනට ඇල්කොහොල් සහ කෝමාරිකා ජෙල් එක්කර, හැන්ද භාවිතයෙන් සුමට වනතෙක් හොදින් මිශ්‍ර කරන්න.
ඔබට මිශ්‍රණය තවත් ඝණ වීමට අවශ්‍යනම්, කෝමාරිකා ස්වල්පයක් එක්කරන්න. තුනී කිරීමට අවශ්‍ය නම්, ඇල්කොහොල් හැන්දක් එක්කරන්න. කෝමාරිකා හා ඇල්කොහොල් ප්‍රමාණය වෙනස් කරමින් ඔබට අවශ්‍ය පදමට මිශ්‍රණය සාදා ගන්න.

වරකට එක බැගින් සුවඳකාරක බිංදු එක් කර (එකවර විශාල ප්‍රමාණයක් එක් කිරීමෙන් සුවඳ පාලනය කර ගැනීමට නොහැකිවනු ඇත!) හොදින් මිශ්‍ර කරන්න. ඔබ ප්‍රිය කරන සුවඳ ලැබුණු පසු, සුවඳකාරක එක් කිරීම නවතා මිශ්‍රණය තවදුරටත් හොදින් මිශ්‍ර කරගන්න.

සාදාගත් Hand Sanitizer මිශ්‍රණය හොදින් වැසිය හැකි ප්ලාස්ටික් බදුනක දමා පියන වසා තබන්න. තවද, කුඩා ස්ප්‍රේ කල හැකි බෝතලයක දමා ඔබට අත් බෑගයේ තබා ගත හැකිය.

ඔබ නිවසේදී සාදාගත් මෙම Hand Sanitizer ඔබට මුදල් ඉතිරිකරන අතර සෞඛ්‍යය සහ ආරක්ෂාවද ලබාදේ.
මෙම මිශ්‍රණය ඇස්වල ස්පර්ශ නොවීමට වග බලාගන්න. යම් හෙයකින් ඇස්වල ස්පර්ශ උවහොත් වහාම සෝදා හරින්න, හැකි ඉක්මනින් වෛද්‍ය උපකාර ලබා ගන්න.

සබැදි ලිපි :- කොරෝනා දෙවන රැල්ලෙන් ආරක්ෂාවීමට ඔබ කලයුතු දේ , මුහුණු ආවරණ වර්ග සහ COVID-19 සඳහා වඩාත්ම නිර්දේශිත මුහුණු ආවරණ

Leave a Comment

Your email address will not be published. Required fields are marked *