importance_of_mask

මුහුණු ආවරණ වර්ග සහ COVID-19 සඳහා වඩාත්ම නිර්දේශිත මුහුණු ආවරණ.

COVID 19 වසංගත සමයේදී රෝග නිවාරණ හා වැළැක්වීමේ මධ්‍යස්ථානය (CDC) සහ ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) දැඩි ලෙස නිර්දේශ කරන්නේ, මිනිසුන් එළිමහනේ සිටියදී මුඛය සහ නාසය ආවරණය කිරීම සඳහා මුහුණු ආවරණ පැළඳිය යුතු බවයි.

හොඳ මුහුණු ආවරණයක් මගින් වෛරසය ශරීරගත වීම වැළකෙන්නේ නැතිවුනත්, එය විෂබීජ සංචිතයට දායක වීමෙන් ඔබව වළක්වාගනු ඇත.

විවිධාකාර වූ මුහුණු ආවරණ

1. මූලික රෙදි මුහුණු ආවරණය. (Basic face cloth mask)

මෙය ඔබට එදිනෙදා ජීවිතේ භාවිතා කළ හැකි මුහුණු ආවරණයකි. මහජන භාවිතය සඳහා නිර්දේශිත මෙම මුහුණු ආවරණය, සිල්ලර බඩු සාප්පුවකට ගෑස් මධ්‍යස්ථානයකට හෝ වෙනත් විවෘත පොදු ස්ථානයකට යන අතරතුර පැළඳීමට නිර්දේශිතය.

2. ශල්‍ය මුහුණු ආවරණය. (Surgical face mask)

ඉවත දැමිය හැකි ද්‍රව්‍යයකින් සාදා ඇති මෙම මුහුණු ආවරණය, COVID19 පරීක්ෂාව සිදු කරන වෛද්‍ය වෘත්තිකයින් පැළඳ සිටින අතර එය ඔවුන්ගේ නාසය සහ මුඛය පමණක් නොව ඔවුන්ගේ ඇස්, කම්මුල් සහ නළලද ආවරණය කරයි.

3. N95 ස්වාසකය (N95 Respirator)

සාමාන්‍ය ජනතාව අතර මෙම මුහුණු ආවරණය දැකගත නොහැකි අතර, සෞඛ්‍ය සේවකයින් සහ වෛද්‍ය පළමු ප්‍රතිචාර දක්වන්නන් සඳහා මෙම ආකාරයේ මුහුණු ආවරණ ඉතා යෝග්‍ය වේ. මෙම මුහුණු ආවරණ සැබැවින්ම අත්‍යවශ්‍ය අය සඳහා පමණක් වෙන් කළ යුතු අතර,ඔබ රෝගීන් සමග කෙලින්ම වැඩ නොකරන්නේ නම් කරුණාකර මෙම ආකාරයේ මුහුණු ආවරණ භාවිතා නොකරන්න. මන්ද, මෙම ආකාරයේ මුහුණු ආවරණ සැපයුම මේ වන විට වඩාත් හිඟතාවයක් දක්වයි.

4. ෆේස්පීස් ශ්වසන පෙරීමේ යන්ත්‍රය. (Filtering facepiece respirator)

තවත් ඉවත දැමිය හැකි ද්‍රව්‍යයකින් සාදන ලද මුහුණු ආවරණයක් වන මෙය, සාමාන්‍යයෙන් වාත රෝග පැතිරීම නැවැත්වීමට භාවිතා නොකරන අතර දැව දූවිලි, සත්ත්ව දූෂණය සහ පරාග වලින් එන අංශු වලට නිරාවරණය වීම අඩු කිරීම සඳහා භාවිතා කළ හැක. ආසාත්මිකතා ඇති පුද්ගලයන්ට වසංගතය තුළ දී මේ ආකාරයේ මුහුණු ආවරණ භාවිතය නිර්දේශිතය.

5. P100 ශ්වසන යන්ත්‍රය / ගෑස් මාස්ක් (P100 Respirator / Gas mask)

මෙය සෞඛ්‍ය ආරක්ෂාව සඳහා සම්බන්ධ නොවන මුහුණු ආවරණයක් වන අතර, මෙය සාමාන්‍යයෙන් පැළඳ සිටින්නේ චිත්‍ර ශිල්පීන්, ලී වැඩ කරන්නන් සහ ඊයම් ඇස්බැස්ටෝස් හෝ රසායනික ද්‍රව්‍ය සමග සම්බන්ධකම් නිතර පවත්වන අයවලුන් විසිනි. COVID19 පැතිරීම වැළැක්වීම සඳහා මේ අකාරයෙ මුහුණු ආවරණ පැලදිය යුතු නැත.

6. ස්වයං අන්තර්ගත හුස්ම ගැනීමේ උපකරණ (Self contained breathing apparatus)

ගිනි නිවන භටයින් සාමාන්‍යයෙන් මෙම ආකාරයේ මුහුණු ආවරණ පැළඳ සිටින අතර, එමගින් හදිසි අවස්ථාවන්හිදි පිරිසිදු වාතය ආශ්වාස කළ හැකිය. COVID19 වළක්වා ගැනීමේ දී මෙම ආකාරයෙන් මුහුණු ආවරණ පැළඳීමේ කිසිදු අවශ්‍යතාවයක් නොමැත. ඔබ මෙයින් එකක් මිලට ගන්නේ නම් එය ඇත්ත වශයෙන්ම අවශ්‍ය අයෙකුගේ අවස්ථාවක් උදුරා ගැනීමක් වැනිය.

7. සම්පූර්ණ මුහුණු ශ්වසන යන්ත්‍රය. (Full face respirator)

ඔබට රෙදි කඩකින් හෝ ශෛලිය මුහුණු ආවරණයකින් හුස්ම ගැනීමට අපහසු ද ? ගොඩනැගිලි වැඩි දියුණු කිරීමේ ව්‍යාපෘති සඳහා සාමාන්‍යයෙන් භාවිතා වන මෙය ඔබට හොඳ තේරීමක් විය හැක. කෙසේ වෙතත් මේ ආකාරයෙ මුහුණු ආවරණයක් දැනටමත් හුස්ම ගැනීමේ අපහසුතා හෝ ශ්වසන ආබාධ ඇති අය සඳහා වෙන් කළ යුතුමය.

8. සම්පූර්ණ දිග මුහුණු පලිහ. (Full length face shield)

Welder විසින් පැළඳ සිටින මෙම ආකාරයේ මුහුණු ආවරණ වීදුරු වැනි සිනිදු ප්ලාස්ටික් ද්‍රව්‍යකින් සාදා ඇත. එය නලලේ සිට නිකට දක්වා මුළු මුහුණම ආවරණය කරන අතර, කුෂන් වැනි පටියකින් ඔලුව හා සම්බන්ධවේ. නමුත් COVID19 වසංගතය තුළ මෙවැනි ආකාරයේ මුහුණු ආවරණ පැළඳීම සුදුසු නොවන අතර කාලයත් සමඟ හුස්ම ගැනීමේ දුෂ්කරතා මතු වනු ඇත.

9. KN95 ශ්වසන යන්ත්‍රය. (KN95 Respirator)

N95 ස්වසන යන්ත්‍රයට බෙහෙවින්ම සමානකම් කියන මෙම මුහුණු ආවරණය වාතයේ ඇති කුඩා අංශු වලින් 95% ක් පමණම අල්ලා ගනී.

සමහර ශෛල්‍ය මුහුණු ආවරණ මුහුණට තදින් මුද්රා නොකිරීම නිසා COVID19 අංශු වලට නිරාවරණය වීමේ අවදානම ඇති කරයි. හිටපු ඇපල් ඉංජිනේරුවන් විසින් ආරම්භ කරන ලද Fix the mask සංවිධානය, නවීන මෙන්ම වැඩි දියුණු කරන ලද මුහුණු ආවරණ මෝස්තර රාශියක් හඳුන්වාදීම තුළින් මෙම ගැටලුව යම්තාක් දුරකට විසඳීම සඳහා උත්සාහයක් දරා ඇත.

COVID19 වඩාත් ම යෝග්‍ය මුහුණු ආවරණය කුමක්ද ?

COVID19 පැතිරීම නැවැත් වීම සඳහා හොඳම තේරීම කපු මුහුණු ආවරණ බව වෛද්‍ය ප්‍රජාවේ පොදු එකගතාවයයි. මෙයට හේතුව කපු වෙනත් බොහෝ ද්‍රව්‍ය වලට වඩා වාත අංශු වල වැඩි ප්‍රතිශතයක් පෙරීමයි. කපු කෙදි මුදු සිසිල් සහ හුස්ම ගත හැකි වන අතර එමගින් වඩාත් සුව පහසු නිමවුමක් ලබා දෙයි.

මුල් පිටපත: Alyssa Mertes
සිංහල පරිවර්තනය සහ සංස්කරණය: විභූති රක්ෂිතා (විභූ)

Leave a Comment

Your email address will not be published. Required fields are marked *