Poems

නිම්තෙර අසල

නොමනා සිතිවිලි දහසක් එක්ම කෙරුවයි නිතරම මගෙ සිත සසල.. තැන්පත් කරගත් හැම හීනයක්ම බිඳුනා නැතිදා සිත මගෙ නිසල.. උත්සහ දැරුවත් සීමා ඉක්ම කවදත් පිරුනෙම අමු කුණු කසල.. ආවොත් හැරදා සැමගෙන් නික්ම සැනසුම දෙනවද නිම්තෙර අසල…? _විභූ_

සමු අරන් යන්නෙ නෑ…

සිත සොරා රැගෙන යන ලස්සනක් දැක්කෙ නෑ සීනු හඬ පරදවන කටහඬක් ඇසුනෙ නෑ වංශ ගත දේපලක් දෙන්න නම් සුදුසු නෑ සාපෙළින් පස්සේ යළි පාසලට අරන් නෑ පළමු වර ඔබේ නෙත ගැටුණු සැටි මතක නෑ වෙන කාටවත් මෙහෙම ආදරෙ හිතුනෙ නෑ හදින් හද ගත්තු දින සිහිය නම් තිබුනෙ නෑ එවන් පෙම පසෙකලා සමු අරන් යන්නෙ නෑ… …

සමු අරන් යන්නෙ නෑ… Read More »

යළිත් හදවත බිඳෙන්නට පෙර

ඇස් දෙකට පෙනිපෙනිම ඔහු ගියපු වෙලාවේ ආයෙමත් ඒ ද ඔහු නුඹ තැවුණු විලාසේ බලාගෙන ඉන්න තව බැරිවෙච්චි දවාලේ කීවා නොවැ නුඹට මන් නැහැ පළක් මුලාවේ ඔහු නමට දශකයක් වෙන් වෙච්ච කාලයේ උන්න නම් පැටික්කෙක් ඉස්කෝලේ දැන් 5හේ අපට නොදැනිම හොරෙන් ගිය කාලේ යලි නොඒ පසුතැවී පලක් වෙද ඉතින් හිනැහෙන් නගේ ආයෙමත් වතාවක් ගන්න පෙර තීරණේ …

යළිත් හදවත බිඳෙන්නට පෙර Read More »

සත් වස

අපි අපෙම වන්නටම පෙරුම් පිරු සත් වසක.. ජීවිතය පියෙන් පිය පෙරට ගිය සත් වසක.. හිනෙහෙමින් කදුලු තුල සෙනෙහෙ වැඩි සත් වසක.. පලන්දා මාල හත කැන්දාන යන දවස බලා සිටි සත්වසක.. අවසාන නික්මීම මා ඔහුගෙ වූ දිනය.. ඔබ ඇයගෙ වූ දිනය.. ~රේහා~

තෙලිතුඩට ගෞරවයක්

නැගිය හැකි නම් සුසුමක් කවියකට.. බැඳිය හැකි නම් විපතක් නිසදෙසට.. ලිවිය හැකි නම් තැවුලක් කතන්දරයකට.. දෙන්න හැකි නම් ගෞරවයක් තෙලිතුඩට…! _විභූ_

නුඹ ලඟින් මට ඉන්න ඕනයි……

හිත රිදුනු හැම මොහොතක නොආවත් නුඹ තුරුලට නොලැබුනත් ඒ හාදුව සැනසුමයි නුඹ ලග මට ලන්ව හිස පිරිමැදුමට නොහැකි දුරකින් උන් අප ගත දුරින් ගව් ගානක සිත ළගින් කිටි කිටියට එකම එක නුඹෙ වදනට මෙල්ලවන යුරු මගේ හිත පුදුමයකි තවමත් මට මගේ අකීකරු හිතමද පුරුදු මගෙ දඟකාරකම් ඉවසගෙන ඈතින් බලන් සෙනෙහෙබර තරවටුවකින් පියෙකු සේ රැකවරණයෙන් එකම …

නුඹ ලඟින් මට ඉන්න ඕනයි…… Read More »

කොහිද ඔබ..

අකීකරු සිත් පොඩිය.. හොරැහින්ම හදවතට දුවලා ගොස් අතීතෙට.. අනේ තව සොයනවා.. කොහිද ඔබ.. කොහිද ඔබ.. ~රේහා~

හැර දා ආමි

හදවත රිදෙද්දී කඳුලැලි පිරෙද්දී සුසුමන් සලද්දී සියොලඟ දැවෙද්දී පස් වස් ප්‍රේමයෙන් නුඹ මා මිදෙද්දී හැර දා නුඹව ආ වග මතකෙම වෙද්දී හද ඉකිගසයි නුඹ නැති හෙට හිතද්දී…… ❤

විසේකාරී…

විවර වුණු දෙතන සබයට පෙනෙන්න.. ඇඳගත්තා කෙටි හැට්ටය පැලෙන්න.. පුළුල් උකුල පමණක් නොපෙනෙන්න.. කොට කලිසම දාගත්තා වැහෙන්න… පාට කරපු කැරලි කොණ්ඩෙ වනන්න.. දාගත්තා මෝස්තරේ ලොකුවට පෙනෙන්න.. හැට්ටෙ පාටට ගැලපෙන්නට තනන්න.. සපත්තු දෙක තෝරගත්තෙ දමන්න… තොල් සායම් ගාගත්තා තදටම රතු වෙන්න.. මූනෙ එකයි සායම් හොල්මන් පරදන්න.. ආභරණත් දාගත්තා හැම එකටම ගැලපෙන්න.. කෙල්ල ලෑස්තියි නව ගමනක් අරඹන්න… …

විසේකාරී… Read More »

හඳහනට පුළුවන්ද ගළපන්න හිත් දෙකක්….

හඳහනට පුළුවන්ද ගළපන්න හිත් දෙකක්…. එක වරක එක විටක එකම හඬකට ගැහෙන හිත් දෙකක් ගළපන්න පුළුවනි ද හඳහනට ග්‍රහ දෝෂ දුරු කරන් පොරොන්දම් ගලපමින් ඒ තරම් හොඳ පුතෙක් තවත් කොයිදැයි අසන්දු රත් බාධා නොදුන් හුස්ම සේ ළඟින් උන් නුඹ වගේ ප්‍රේමයක් ඇති වේ ද ඔහු නමින්……