Poems

හඳහනට පුළුවන්ද ගළපන්න හිත් දෙකක්….

හඳහනට පුළුවන්ද ගළපන්න හිත් දෙකක්…. එක වරක එක විටක එකම හඬකට ගැහෙන හිත් දෙකක් ගළපන්න පුළුවනි ද හඳහනට ග්‍රහ දෝෂ දුරු කරන් පොරොන්දම් ගලපමින් ඒ තරම් හොඳ පුතෙක් තවත් කොයිදැයි අසන්දු රත් බාධා නොදුන් හුස්ම සේ ළඟින් උන් නුඹ වගේ ප්‍රේමයක් ඇති වේ ද ඔහු නමින්……

මුදාලන්නට කලින් පණ ටික......

මුදාලන්නට කලින් පණ ටික……

සෙවිලි කල පොල් අත්ත අගිස්සෙන් වැහි බින්දු ගෙට ඇවිත් මුලු ගේම තෙමෙද්දි මහ වැස්ස බරවු සුසුමක වෙලී මියැදී නොගියද….. ලෙඩ ඇඳේ ඔත්පලවු තාත්තට සලකමින් ජීවිතේ ඔට්ටුවන අම්මාට දිරිදෙනා හීන පොදි එක්කලා නොකියාම මිදුනද….. ටවුමෙ මහ උළු ගෙදර කූරු ගනිනා ඔහුට පෙම්බැන්ද කරුමයට ඉගිල යන කලවයස ගැන නොහිත හූල්ලන අක්කා ට…… ආයෙමත් නොඑන වග දැන දැනත් …

මුදාලන්නට කලින් පණ ටික…… Read More »

මැරෙන්න කලින් මටත් කියන්න… 🙃 ☎

කෙට්ටුයි කෝ මහත් වෙන්න මහත් වෙලා කෙට්ටු වෙන්න ඒ කාලේ හිටියේ සුදට අව්වෙ යන්න එපා ඔහොම මදිද ඉතින් ඔහොම හිටියා මම නම් ඔය වෙද්දි බැඳලා මේ මිනිහත් එක්ක යද්දි යන්තම් 24 පැනලා අර ළමයා හොඳයි නේද රට දිගටම ඔහු ඉඳියිද මොන මොන සෙල්ලම ඒ රට කරනවදැයි හෙව්වෙ නැද්ද ඒ කාලේ කොළඹ ඉද්දි එන්නේ නැද්ද මේ …

මැරෙන්න කලින් මටත් කියන්න… 🙃 ☎ Read More »