තවත් පාකිස්ථානු ක්‍රිකට් ක්‍රීඩකයින් 07 දෙනෙකුට කොරෝනා

පාකිස්ථාන ක්‍රිකට් කණ්ඩායමේ තවත් ක්‍රීඩකයින් 07 දෙනෙකුට නව කොරෝනා වෛරසය ආසාදනය් වී ඇති බවට එරට ක්‍රිකට් පාලක මණ්ඩලය නිවේදනය කර සිටිනවා.
Kashif Bhatti, Mohammad Hasnain, Fakhar Zaman, Mohammad Rizwan, Mohammad Hafeez, Wahab Riaz සහ Imran Khan යන ක්‍රීඩකයින්ට මෙලෙස වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරුවී ඇත. එළබෙන එංගලන්ත තරග සංචාරය සඳහා පුහුණු සැසියට කැඳවනු ලැබූ ක්‍රීඩකයින් 35 දෙනාගෙන් 10 දෙනෙකුට සහ සහයක නිලධාරියෙකුට මෙලෙස වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇත.
වෛරසය ආසාදනය නොවූ පිරිස නැවත 25 හා 26 දෙදිනදී PCR පරීක්ෂණයකට ලක් කිරීමට නියමිතයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *