දෝනි ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් විශ්‍රාම ගනී.

16 වසරක ජාත්‍යන්තර ක්‍රිකට් දිවියට නැවතීමේ තිත තබමින් හිටපු ඉන්දීය නායක M.S දෝනි පසුගියදා ඉන්ස්ටග්රෑම් හි වීඩියෝවක් පළකරමින් තමන් ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවෙන් විශ්‍රාම යන බව ප්‍රකාශකරනලදී .2014 දෙසැම්බර් මාසයේදී ටෙස්ට් ක්‍රිකට්‌ වලින් සමුගත් අතර ඒ වනවිට තරග 90ක දී ශතක 7ක් සමගින් ලකුණු 4876 ලබාගෙන තිබුණි. ඔස්ට්‍රේලියාවට එරෙහිව රැස් කරනලද ලකුණු 224 ටෙස්ට් ඉනිමකදී ලබාගත් වැඩිම ලකුණු ලෙස සටහන්වේ. ටෙස්ට් ක්‍රිකට් වලින් සමුගත්තද එක්දින හා T 20 තරග සදහා දිගටම ක්‍රීඩා කරන ලදී.

Rahul Dravid නායකත්වයෙන් ඉවත්වීමෙන් පසු එක්දින හා T 20 කණ්ඩායම් වල නායකත්වය සදහා දෝනි පත් කල අතර ඔහුගේ ප්‍රථම අභියෝගය 2007 දී පැවැත්වූ ප්‍රථම ICC T 20 ලෝක කුසලාන තරගාවලිය වූ අතර තමාට ලැබුණු තරුණ කණ්ඩායම සමගින් එම තරගාවලියේ ජය මවු රටට ලබාදීමට ඔහු සමත්විය.2008 වසරේ Anil Kumble විශ්‍රාම ගැනීමත් සමග පුරප්පාඩුවූ ටෙස්ට් කණ්ඩායමේ නායකත්වය නිතරගයෙන්ම දෝනිට හිමිවිය.

විශ්‍රාම යනවිට එක්දින තරග 350කදී ලකුණු 10773ක් ලබා ඇති අතර ශතක 10ක් හා අර්ධ ශතක 73 අන්තර්ගතවේ. දෝනි එක්දින තරගවලදී ඉන්දීය ලකුණුලාභීන් අතර 5වැනි ස්ථානයට හිමිකම් කියයි. සචින් තෙන්ඩුල්කාර්, විරාත් කෝලි, සෞරව් ගංගුලි සහ රාහුල් ඩ්‍රාවිඩ් දෝනිට වඩා ඉදිරියෙන් සිටී.

2007 ICC T-20 ලෝක කුසලානය,2011 ඕවර 50 ලෝක කුසලානය හා 2013 ICC චැම්පියන්ස් කුසලානය යන ICC කුසලාන 3ක් ජයග්‍රහණය සදහා නායකත්වය දෙමින් ඉන්දීය ක්‍රිකට් ඉතිහාසයේ වඩාත්ම සාර්ථක නායකයා ලෙස දෝනි විශ්‍රාම යයි. 2017 ජනවාරි මාසයේදී දෝනි ඉන්දියාවේ සීමිත ඕවර නායකයා ලෙස ඉවත් වූ නමුත් දිගටම ක්‍රීඩා කළේය. 39 හැවිරිදි දෝනි ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගත්තද IPL සදහා ක්‍රීඩා කරන බව සදහන්වේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *