පාකිස්ථානයේ එංගලන්ත සංචාරය අවිනිශ්චිත වන ලකුණු

පාකිස්ථාන ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයින් වන හෙයිඩර් අලී, හරිස් රාවුෆ් සහ ෂධාබ් ඛාන් හට කොරෝන වෛරස ආසාදනය වී ඇති බව එරට ක්‍රිකට් පාලක මණ්ඩලය නිවේදනය කර සිටිනවා. මෙම ක්‍රීඩකයින් තිදෙනා හට කිසිදු රෝග ලක්ෂණයක් පෙන්වා නොමැති අතර දැනට ස්වයං නිරෝධායනය සදහා යොමුකොට ඇත. මොවුන් සමග සිටි ඉමාඩ් වසීම් හා උස්මාන් ශන්වාරි හට කොරෝනා ආසාදනය වී නොමැති බව PCR පරීක්ෂණ මගින් තහවුරුවිය.

පාකිස්ථාන ක්‍රිකට් කණ්ඩායම එංගලන්තයේ සංචාරය කිරිමට නියමිතව තිබෙන අවස්ථාවේදී ඔවුන් මෙලෙස කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇත. පාකිස්ථාන කණ්ඩායම එංගලන්තයේදී ටෙස්ට් තරග 3ක් හා T20 තරග 3 කට සහබාගි වීමට නියමිතය.
දැනට පවතින ගෝලීය වසංගත තත්වය හමුවේ හැරිස් සොහෙල් හා මොහොමඩ් අමීර් එංගලන්ත සංචාරයෙන් ඉවත්විමට තීරණය කරඇත.

මෙම තත්වයන් යටතේදී එළබෙන අගෝස්තු මස පැවැත්වීමට නියමිතව තිබු පාකිස්ථානයේ එංගලන්ත සංචාරය අවිනිශ්චිත වන බව පාකිස්ථාන ක්‍රිකට් පාලක මණ්ඩලය පවසයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *