හිටපු බංගලාදේශ ක්රිකට් නායක මශ්රෆී මෝටසා හා තවත් බංගලාදේශ ක්රිකට් ක්රීඩකයන් දෙදෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට Daily Star පුවත්පත වාර්තාකරයි.
36 වියැති මශ්රෆී මෝටසා පසුගිය සෙනසුරාදා දිනයේදී කොරෝනා ආසාදනය වැළදී ඇති බවට තහවුරුවූ බව සිය නිල facebook පිටුවේ සටහනක් තබමින් පවසයි. බංගලාදේශ පාර්ලිමේන්තු මන්ත්රීවරයකු වන ඔහු පසුගිය දිනයන්හිදී සිදුකරනලද කොරෝනා නිසා විපතට පත් ජනයාට ආධාර බෙදාදීම් සදහාද සහභාගීවී ඇත.
28 වියැති වමත් දග පන්දු යවන්නෙකුවන නස්මුල් ඉස්ලාම් හා දකුණත් ආරම්භක පිතිකරුවකු වන නෆීස් ඉක්බාල් යන ක්රීඩකයන් දෙදෙනාටද කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරුවී ඇත. නෆීස් ඉක්බාල් වර්තමාන බංගලාදේශ ක්රිකට් නායක තමීම් ඉක්බාල්ගේ වැඩිමල් සහෝදරයාවේ.
මේවනවිට බංගලාදේශය කොරෝනා වෛරසය ආසාධිතයන් ලක්ෂය ඉක්මවා ඇති අතර මරණ 1464ක් සිදුවී ඇත.
