ලෝක ටෙස්ට් පිලේ අංක 3 ස්ථානය කුසල් මෙන්ඩිස්ට

‘විස්ඩන්’ ක්‍රිකට් සඟරාව මගින් 2020 වසරේ ජූලි මස 17 වැනි දිනට වයස අවුරුදු 25 හෝ ඊට අඩු ක්‍රීඩකයින් යොදාගෙන වයස අවුරුදු 25 ට අඩු ලෝක ටෙස්ට් කණ්ඩායමක් නම්කර තිබේ. පාකිස්තානු පිලේ ඉදිරි පෙළ පිතිකරු බාබර් අසාම් නායකත්වය දරන මෙම කණ්ඩායමේ අංක 3 පිතිකරණ ස්ථානයට ශ්‍රී ලංකාවේ කුසල් මෙන්ඩිස් තෝරා දෙන ඇත.
මෙම තෝරාගැනීම සදහා කුසල් මෙන්ඩිස්ගේ සුවිශේෂී ඉනිම් 3ක් ඔවුන් සදහන් කරයි

කුසල් ටෙස්ට් තරග 44 කදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මුලු ලකුණු 2995 ක් රැස් කිරීමට සමත්ව සිටින්නේ ශතක 7 ක් සහ අර්ධ ශතක 11 ක් ද ඇතුළත් කර ගනිමිනි.

‘විස්ඩන්’ සගරාව නම් කරනලද වයස 25න් පහල ලෝක ටෙස්ට් කණ්ඩායම

  • ඒඩන් මාක්‍රම් – දකුණු අප්‍රිකාව
  • ඩොම් සිබ්ලි – එංගලන්තය
  • කුසල් මෙන්ඩිස් – ශ්‍රී ලංකාව
  • බාබර් අසාම් – පාකිස්තානය (නායක )
  • ඔලී පොප් – එංගලන්තය
  • රිෂාබ් පාන්ට් – ඉන්දියාව (කඩුළු රකින ක්‍රීඩක )
  • සෑම් කරන් – එංගලන්තය
  • රෂිඩ් ඛාන් – ඇෆ්ගනිස්තානය
  • ජොෆ්රා ආචර් – එංගලන්තය
  • කැගිසෝ රබාඩා – දකුණු අප්‍රිකාව
  • ෂහීන් අෆ්රිඩි – පාකිස්තානය

Leave a Comment

Your email address will not be published. Required fields are marked *