විස්ඩන් 21 වැනි සියවසේ වටිනාම ටෙස්ට් ක්‍රීඩකයා මුරලි

ලොව ප්‍රමුඛ පෙළේ ක්‍රිකට් විශ්ලේෂණ සමාගමක් වන CRICVIZ හා ප්‍රමුඛතම ක්‍රිකට් සඟරාවක් වන විස්ඩන් සඟරාව සමගාමීව සිදුකරනලද විශ්ලේෂණයකට අනුව 21 වැනි සියවසේ හොඳම ටෙස්ට් ක්‍රීඩකයින් 30 දෙන අතරින් ප්‍රථම ස්ථානය ලබා ගැනීමට ටෙස්ට් කඩුලු 800ක් ලබා ලොව වැඩිම ටෙස්ට් කඩුලු ලබාගත් පන්දු යවන්නා වන සුපිරි දග පන්දු යවන ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් සමත්වී ඇත.


මෙම සමීක්ෂණය සදහා 2000 වසරේ සිට 2020 වසර දක්වා ටෙස්ට් පිටියේ දස්කම් සැලකිල්ලට ගෙන ඇත.
මුරලිගේ ටෙස්ට් කඩුලු 800න්, කඩුලු 573ම ලබාගෙන ඇත්තේ 2000 ජනවාරි 1 සිට 2010 දක්වා කාලය තුල දී තරග 85ක දීය.මෙම කාලය තුළ ඔහුට ඉදිරියෙන් සිටින්නේ එංගලන්ත වේග පන්දු යවන ජේම්ස් ඇන්ඩර්සන් පමණයි. ඔහු කඩුලු 584ක් තරග 151 කට සහභාගී වීමෙන් ලබා ගෙන ඇත.

CricViz ක්‍රිකට් විශ්ලේෂකයන් පවසන ආකාරයට මෙම දක්ෂතා මුත්තයියා මුරලිදරන් 21 වැනි සියවසේ වටිනාම ටෙස්ට් ක්‍රීඩකයා ලෙස නම් කිරීමට ඉවහල්විතිබේ.

1992 වසරේ දී ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමට 52 වැනි ටෙස්ට් ක්‍රීඩකයා ලෙස පිවිසි මුත්තයියා මුරලිදරන් 2010 වසරේ දී ටෙස්ට් ක්‍රීඩාවෙන් සමුගන්නා විට ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් කඩුලූ 800ක් හා එක්දින කඩුලු 538ක් ලබාගන්නා ලදී.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *