IPL2020

IPL තරගාවලියට කොළ එළියක්

COVID19 වසංගතය හේතුකොටගෙන පසුගිය අප්‍රේල් මස පැවැත්වීමට තිබී කල් දමනලද IPL 2020 තරගාවලිය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී පැවැත්වීමට නියමිත බව IPL සංවිධායක කමිටුවේ සභාපති බ්‍රිජේෂ් පටෙල් මහතා ඉන්දීය මාද්‍යට පවසා තිබේ.

ස්ථිර ලෙස දින වකවානු සනාථ නොකලද එළබෙන සැප්තැම්බර් 26 සිට නොවැම්බර් 7 දක්වා කාලය තුල තරග 60 කින් සමන්විත තරගාවලියක් ලෙස පැවැත්වීමට අදහස් කරන බව පටෙල් මහතා තවදුරටත් සදහන්කරයි.
ඩුබායි, අබුඩාබි සහ සාජා යන ක්‍රීඩාංගන වල තරගාවලිය පැවැත්වීමට අදහස් කරන අතර ප්‍රේක්ෂකයන්ට විවෘත කරනවද නැද්ද යන්න අවසන් තීරණය එක්සත් අරාබි එමීර් රාජ්‍යය මගින් තීරණය කල යුතු බවයි.

ඉන්දියාවේ මහ මැතිවරණය හේතුවෙන් 2014 දී අරාබි එමීර් රාජ්‍යයේ අයි.පී.එල්. තරගාවලිය පවත්වන ලදී. දැනටමත් ඉන්දියානු රජයෙන් අවසර ඉල්ලුම්කර ඇති බවත් අවසර ලද විගස නිළ වශයෙන් දැනුම්දෙනබව ඒමහතා පවසාතිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *