LPL කණ්ඩායම් නම් කෙරේ

අගෝස්තු 28 වනදා ආරම්භ වී සැප්තැම්බර් 20 වනදායින් අවසන් වීමට නියමිත ලංකා ප්‍රිමියර් ලීග් 20-20 තරගාවලියේ සංවිධාන කටයුතු මේ දිනවල සිදුවෙමින් පවතින අතර තරගාවලිය සදහා කණ්ඩායම් 5 නම්කර ඇතිබව Sunday Times පුවත්පත වාර්තාකරයි.
යෝජිත නම් පහත පරිදිවේ,

  • Colombo Super Kings
  • Galle Lions
  • Kandy Royals
  • Jaffna Sunrises
  • Dambulla Capitals

LPL තරගාවලිය සදහා එංගලන්ත වේග පන්දු යවන ක්‍රීඩක Liam Plunkett සහ නවසීලන්ත ක්‍රීඩක Tim Southee ඇතුළු ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩකයින් 93 දෙනෙකු කැමැත්ත පළකර ඇත.

LPL තරගාවලියට ආර් ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය, රංගිරි දම්බුලු ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය, පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය සහ සූරියව මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණ යන ක්‍රීඩාංගන හතරේ පැවැත්වේ.

සබැදි ලිපි :- T 20 වසන්තය අගෝස්තුවේ

Leave a Comment

Your email address will not be published. Required fields are marked *