SLPL-2020

T 20 වසන්තය අගෝස්තුවේ …

2012 වසරේදී ‘ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග්’ ලෙස ප්‍රධාන පෙලේ 20-20 තරගාවලියක් කණ්ඩායම් 7ක සහභාගිත්වයෙන් පවත්වනු ලැබූ අතර, ඉන්පසු එම තරගාවලිය නොපවත්වන ලදී. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය 2018 සඳහා LPL තරගාවලියක් ප්‍රකාශයට පත් කර තිබුණද, ප්‍රමාණවත් උනන්දුවක් නොතිබීම හේතුවෙන් එම තරඟාවලිය අවලංගු කෙරුණි.


වසර 8 කට පසු, මෙරට ක්‍රීඩාලෝලීන්ගේ බලාපොරොත්තු ඉටුකරමින් කණ්ඩායම් 5ක සහභාගිත්වයෙන් එළැඹෙන අගෝස්තු 28 වැනිදා සිට සැප්තැම්බර් 20 වැනිදා දක්වා ක්‍රීඩාංගණ හතරකදී ‘ලංකා ප්‍රිමියර් ලීග්’ නමින් ජාත්‍යන්තර ප්‍රමිතියට අනුව T 20 තරගාවලියක් පවත්වන බව, පසුගියදා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරන ලදී.


තරග 23 කින් යුතු තරගාවලියේ තරග කොළඹ ආර් ප්‍රේමදාස, රංගිරි දඹුල්ල, මහනුවර පල්ලෙකැලේ සහ සූරියවැව මහින්ද රාජපක්ෂ යන ක්‍රීඩාංගණ වල දී පැවැත්වෙනු ඇත. මෙහිදී කොළඹ, මහනුවර, දඹුල්ල, ගාල්ල සහ යාපනය නගර මුල් කර ගෙන කණ්ඩායම් නම් කරනු ලබයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරි ඇෂ්ලි ද සිල්වා මහතා පවසන ආකාරයට, තරගාවලිය සඳහා සහභාගි වීමට ජාත්‍යන්තර ක්‍රීඩකයන් 70 කට වැඩි පිරිසක් සහ ජාත්‍යන්තර ප්‍රමුඛ පෙළ පුහුණුකරුවන් 10 දෙනකුට වැඩි පිරිසක් මේ වන විට කැමැත්ත පළ කර ඇත. ඔවුන් සමඟ ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම නියෝජනය කරන සියළු ක්‍රීඩකයන් තරගාවලියට එක් වීමට නියමිතව ඇත.

තරගාවලිය සඳහා ක්‍රීඩකයන් තෝරා ගැනීම සඳහා වූ ලංසු තැබීමේ කටයුතු ජුලි 30 වැනිදායින් අවසන් වන අතර, තරග කාලසටහන ඉන් අනතුරුව නිකුත් කරනු ඇත.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *