Trinbago Knight Riders CPL ජයගනී.

Lendl Simmons හා Darren Bravoගේ ලකුණු 138 ක නොබිදුණු සම්බන්දතාව Trinbago Knight Riders කණ්ඩායමට CPL කුසලානය මෙන්ම අපරාජිත තරගාවලි ජයග්‍රහණයක් ලබාදෙන ලදී. මෙවර තරගාවලියේදී තමන් ක්‍රීඩා කල තරග 12 ම ජයගැනීමට Trinbago Knight Riders කණ්ඩායම සමත් වීම සුවිශේෂී සිදුවීමක් විය.

කාසියේ වාසිය දිනු Trinbago Knight Riders නායක Kieron Pollard පන්දුවට පහරදීමට St Lucia Zouks කණ්ඩායමට ආරාධනාකරන ලදී. ඔවුන් පන්දු වාර 19.1 කදී සියලු දෙනා දැවී ලකුණු 154 ක් රැස්කළ අතර Andre Fletcher ලකුණු 39 කින්ද Mark Deyal ලකුණු 29 කින්ද දායකවිය. පන්දු යැවීමේදී නායක Kieron Pollard පන්දු වාර 4කදී ලකුණු 30 කට කඩුලු 4ක් දවාගැනීමට සමත්විය.

ලකුණු 155 ක ජයග්‍රාහී ඉලක්කයක් සමග පිටියට පිවිසි Trinbago Knight Riders පිතිකරුවෝ පන්දුවාර 18.1 කදී කඩුලු 2ක් දැවී ජයග්‍රාහී සිමාව පසුකරන ලදී. මෙහිදී Lendl Simmons නොදැවී ලකුණු 84ක් හා Darren Bravo නොදැවී ලකුණු 58ක් ලබගන්නලදී. මෙම ජයගහනයත් සමග Trinbago Knight Riders 2020 CPL කිරුළ හිමිකරගන්නලදී. මෙය ඔවුන් විසින් ලබාගත් 4වන CPL කුසලානය ලෙස වාර්තා අතරට එක්විය.

Lendl Simmons අවසන් මහා තරගයේ වීරයා ලෙසත් Kieron Pollard තරගාවලියේ වීරයා ලෙසත් සම්මාන ලැබිය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *