WIvsEng

Wisden කුසලානය එංගලන්තයට

එංගලන්ත පිල සහ බටහිර ඉන්දීය කොදෙව් පිල අතර තෙවන හා අවසන් ටෙස්ට් තරගය ජූලි 24-28 දක්වා Manchester හි Old Trafford ක්‍රීඩාංගනයේදී පැවැත්විණි. කණ්ඩායම් දෙකම එක තරගය බැගින් ජයගෙන තරගාවලිය සම තත්වයේ පැවති නිසා මෙම තරගය දෙපිලටම තීරණාත්මක විය.

කාසිය වාසිය දිනූ බටහිර ඉන්දීය කොදෙව් නායක Jason Holder මුලින් පන්දුවට පහරදීමට එංගලන්ත කණ්ඩායමට ආරාධනා කරනලදී. එංගලන්තය පළමු ඉනිම සදහා සියලුදෙනා දැවී ලකුණු 369 ලබාගත්හ. මෙහිදී Rory Burns,Ollie Pope,Jos Buttler හා Stuart Broad අර්ධ ශතක ලබාගත් අතර Stuart Broad පන්දු 45කින් ලබාගත් ලකුණු 62 කාගේත් අවදානයට ලක්විය.
පන්දු යැවීමේදී Kemar Roach කඩුළු 4ක් දවාගත් අතර එය ඔහුගේ ටෙස්ට් දිවියේ 200 වන කඩුල්ල දවාගැනීම වීම විශේෂත්වයකි.

බටහිර ඉන්දීය කොදෙව්වන් පළමු ඉනිමට සියලු දෙනා දැවී රැස්කළේ ලකුණු 197 ක් පමණයි. Stuart Broad ලකුණු 31ට කඩුළු 6යි. ලකුණු 172 ඉදිරියෙන් සිට එංගලන්ත සිය දෙවන ඉනිම් ආරම්භ කල අතර ලකුණු 226ට කඩුළු දෙකක් දැවී තිබියදී ඉනිම් අත්හිටවා බටහිර ඉන්දීය කොදෙව්වන්ට ලකුණු 399ක ජයග්‍රාහී ඉලක්කයක් ලබදෙනලදී. නමුත් Chris Woakes හා Stuart Broad ගේ දක්ෂ පන්දු යැවීම හමුවේ කොදෙව්වන් ලකුණු 129 කට සීමාවිය. මෙහිදී Stuart Broad විසින් සිය දිවියේ 500 වන ටෙස්ට් කඩුල්ල දවාගැනීමට සමත්වූ අතර එම දස්කම දැක්වූ ලොව 7 වන ක්‍රීඩකයා බවට ඉතිහාස ගතවිය.

මේ අනුව තෙවන ටෙස්ට් තරගය ලකුණු 269කින් එංගලන්ත කණ්ඩායම ජයග්‍රහණය කල අතර 2-1 ලෙස Wisden කුසලානය ඔවුන් සතුකරගන්නා ලදී .

තරගය පුරා කඩුළු 10ක් හා ලකුණු 62 ලබාගත් Stuart Broad තරගයේ වීරයා සම්මානය හිමිකරගත් අතර තරගාවලියේ වීරයාට හිමි සම්මානය බටහිර ඉන්දීය කොදෙව්හි Roston Chase හා එංගලන්තයේ Stuart Broad හිමිකරගන්නා ලදී.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *