උතුම් මිත්‍රත්වය – කොටස 04

මෙතෙක් කථාව…

විවාහයට කලින් ගැහැණු ළමයෙක්ට විය හැකි උපරිම දෙය තමන්ගේ මාමා අතින්ම සිද්ධ වුණු මාලතී සෙනෙවිරත්න, “ශාන්තී” නම් අපූරු යෙහෙළියගේ ආදර්ශයන් සහ අවවාද අනුව තම ජීවිතය හදා ගත්තත්, නවක පෙම්වතා වුණු නිශාන්ත සහ ඔහුගේ රැවටිලිකාර ආදරය හමුවේ ශාන්ති සමඟ තිබූ ආශ්‍රය අමතක කළා. කුස තුල වැඩෙන නිශාන්තගේ කලලය සහ ඔහුගේ පිටුපෑම හමුවේ මාලතිගේ දුක්ඛිත ජීවිතය කෙසේ විසදෙයිද??? (මෙහි එන නම් ගම් සහ ඡායාරූප මන:කල්පිත බව කරුණාවෙන් සලකන්න)

තුන්වැනි කොටසට – http://thearticleteam.com/stories/%e0%b6%8b%e0%b6%ad%e0%b7%94%e0%b6%b8%e0%b7%8a-%e0%b6%b8%e0%b7%92%e0%b6%ad%e0%b7%8a%e2%80%8d%e0%b6%bb%e0%b6%ad%e0%b7%8a%e0%b7%80%e0%b6%ba-%e0%b6%9a%e0%b7%9c%e0%b6%a7%e0%b7%83-03/

කොටස 04

නිශාන්ත මාව පැත්තකට තල්ලු කරා. 
” පර බැල්ලී තොට මතක නැද්ද ? මම තෝ වෙනුවෙන් වියදම් කරපු තරම. හොරිකඩ වැහිච්ච බැල්ලියෙක්, පිරිසුදු කරලා බෙහෙත් කරල, ඇල්ටේශන් බැල්ලියෙක් කරාම මෙහෙම වෙයි කියල මට හිතුනා ” නිශාන්ත කෝපයෙන් දෙඩෙව්වා. 
මට කිසිම දෙයක් හිතා ගන්න බැරි වුනා. මං කට වහගෙන නිශාන්ත බනින හැටි අහගෙන හිටියා. 
” අහිංසක කමට හිටිය නිසා, මම කවදාවත් හිතුවේ නෑ උඹ මේ වගේ පරට්ටියක් කියලා, ඒ අතින් මං ආශ්‍රය කරපු අනිත් කෙල්ලො දෙන්නා බොට වඩා හොඳයි ” නිශාන්ත කෑ ගැහුවා. 
මං වගේම සීමා මායිම් නැති බැඳීම් වලට තවත් ගැහැනුන් දෙදෙනෙක් නිශාන්ත ආශ්‍රය කළ බවත්, ගමට ආවට පසු ඒ දෙන්නාගෙන් තමන්ට මෙහෙම කරදරයක් නැති වූ බවත් නිශාන්ත තරහින් කීවා.
” තෝ මෝඩ මී හරකී මන් කොච්චර කිව්වද මට පාලනයක් නැතත් තොට පාලනයත් තියා ගනින් කියලා. ඒක ඇහුවේ නෑ. කමක් නැහැ කියලා ඔක්කොම කර ගත්තා” නිශාන්ත ඒක නම් කිව්වේ යට ඇහෙන් අම්මා දිහා බලාගෙන තමන් සුදනා වීමට. 


මුලින් මාව පරිස්සම් කරත්, පහුවට නිශාන්ත මගේ ඇඟ උඩින් බැස්සේ වැඩෙත් කරන්, පැයක් හමාරක් නිදාගත්තාටත් පස්සේ. මං මේවට ඉඩ දුන්න, ඒ මගේ ආදරේ නිසා.
” මහත්තයෝ තොත්ත බබෙක් වෙන්න හදන්න එපා, මේවට තමුන්නාන්සේත් වග කියන්න ඕන ” අම්මා ඇඬු කඳුලින් කිව්වා. 
” දැං උඹල ඔක්කොම කියන්නේ මේ ලැබෙන්න ඉන්න දරුවා මගේ කියලා ද ? කොහොමද උඹල ඒක ඔප්පු කරන්නේ ? අනික මේ බැල්ලි ඒකිගෙ මාමටත් අඹුකම් කරපු පාදඩ ගෑනියෙක්, කවුද දන්නෙ දරුවා මාමගෙද කියලා “. නිශාන්ත ඒ දේ කියපු වෙලේ නම්, මට එතනම මගේ බෙල්ල මිරිකා ගන්න හිතුනා.


ඔව් ඇත්ත මම මාමත් එක්ක හිටියා. මම ඒක නිශාන්තට දවසක් කිව්වා. ඒ මගේ බෙල්ලෙ තිබුණ තුවාල ගැන නිශාන්ත ඇහුව වෙලාවේ. මාමාත් එක්ක ගත කරපු දවසක මාමගෙ අතේ නිය පොත්තට හීරිලා මගේ බෙල්ල තුවාල වුණා. ඊළඟ දවසේ නිශාන්ත ඒක දැකලා ඇහුව ඒ මොකක්ද කියලා. මගේ ජීවිතේ අඹමල් රේණුවක්වත් නිශාන්තට බොරු නොකරපු මං, මාමා ගැන ඇත්ත කිව්වා. 
දන්නවද මට එදා නිශාන්තව දැනුණේ දෙවි කෙනෙක් වගේ. ” අයියෝ මාලි ඕවා නම් මොනවද ? මට ඕවා වැඩක් නෑ මැණිකේ. මට වැදගත් වෙන්නේ ඔයා මාත් එක්ක කරන කියන දේ විතරයි. ඔයා කැමති විදියට කැමති කෙනෙක් ආශ්‍රය කරන්න. ඒත් මාත් එක්ක මං කැමති විදියට ඉන්න”. නිශාන්ත එහෙම කිව්වම මට දැනුනේ මාරම සතුටක්. මාව මොනතරම් නිශාන්ත විශ්වාස කරනවද මට මොනතරම් ආදරේද කියලා හිතුනා.


ඒත් ඒක තමයි මං මගේ ජීවිතේට කරගත්තු ලොකුම ගොන්කම. තමන්ට ආදරේ කරන පිරිමියෙක් තමන් පිට මිනිහෙක් එක නිදාගන්නවාට කැමති වෙනවද? නෑ..! 
ඒත් නිශාන්ත එදා ඒකට කැමති උනා. එහෙම කැමති වුණු නිසා තමයි මට දරුවෙක් ලැබෙන්න ඉන්න බව දැන ගත්තහම ඒක මාමට පැවරුවේ.
තොරතෝංචියක් නැතිව නිශාන්ත මට බැන්නා. එදා ආදර වචන ඉහිරුණු කටින්, මෙදා පිටවුනේ අමු තිත්ත කුණුහරුප. අන්තිමේදී මට සාප කරලා නිශාන්ත නැගිටලා ගියා. එදා ප්‍රේමයෙන් උමතු කළ ඒ කඩවසම් මුහුණ, මෙදා තාමත් මං හීනෙන් බය වෙන රකුසු වෙස් ගත්තා.


මගේ ජීවිතේ නතර වුණා වගේ දැනුණා. කිසිවක් නොමැති රික්තකයක මං තනි වුණා වගේ දැනුණා. තාත්තෙක් නැති දරුවෙක්, කන්න වේල නැති ආර්ථිකයක්, අඬන්න ඉන්න කෙනාට ඇඟිල්ලෙන් අනින සමාජයක්, වයසට ගිය අම්මා කෙනෙක්, පාදඩ මාමා කෙනෙක්. මේ දේවල් මගේ ඔළුවේ දෙදුරුම් කෑවා. මං ඔලුව මේසෙ අස්සෙ ගහගෙන හිටියා.
අම්මා මට ඔරේන්ජ් බාර්ලි එකක් ගෙනත් පෙව්වා. ” කවුරු උඹව බාර නොගත්තත් උඹට මේ අම්මා ඉන්නවා මාලතී ” අම්මා මගේ ඔළුව අත ගෑවා.


රෑ වෙන්න කලින් අම්මයි මමයි කොළඹ බස් එකෙන් පිටිපණ ආවා. මට මතකයි මං සති තුනක් විතර එක දිගට ඇඬුවා. මාව ගොඩක් දුර්වල වුණා. අම්මා මාව කීප වතාවක්ම දොස්තර මහත්තයා ගාවට එක්කන් ගියා. බෙහෙත් හේත්, කෑම බීම වලින් කය වැඩුනත් මාස තුන හතරක් යනකම් හිතේ තුවාලෙ එක විදියට තිබ්බා.
අම්ම මාව පන්සල් එක්කන් ගියා, හාමුදුරු පිරිත් ඇස්සෙව්වා , ඇදුරෙක්ට කියලා සෙත් ශාන්ති කෙරෙව්වා. ඒ කිසිම දේකට බැරිවුනා මගේ හිත හදන්න. කොරෝනා එක්ක ලෝකෙ ජීවත් වෙනවා වගේ මමත් තුවාල හිතේ තියන් වැඩෙන කුසට තාත්ත ගැන බොරු කියමින් පිස්සියෙක් වගේ ජීවත් වුණා.


ඒ වෙනකොට නිශාන්තව මට හමුවෙලා තුන් වසරක් ගෙවිලා ඉවරයි. ඒත්, ඒ තුන් වසරටම එක මොහොතක්වත් අපේ කසාදයක් ගැන නිශාන්ත කතා කළේ නෑ. ඒත් මම නම් කසාදෙ කරන්න හිතෙන් හෝටලේකුත් බලලයි තිබුණා. මට මේ වින්නැහි වලට පස්සෙයි තේරුනේ නිශාන්තගේ හිතේ මාව විවාහ කරගන්න අදහසක් නැති නිසයි ඒ දේවල් ගැන එයා කතා නොකෙරේ.
මේ කතාව කියවන තරුණ දුවලා ඇති පුතාලා ඇති. කවදාවත් තමන් ගැන අනාගතයක් නොදකින, ඒ ගැන කතා නොකරන කෙනෙක්ව විවාහයට තෝරා ගන්න එපා. ඒ අය තාවකාලික අය විතරයි. 


ඒ අයත් එක්ක හැමදේම බෙදා ගන්න එපා, ගිහින් මං වගේ ජීවිතේ වරද්ද ගන්න එපා. නිශාන්ත වගේ තමන්ගේ සහකාරයා අනුන් එක්ක නිදියනවාට කැමති අය එක්ක සම්බන්ධ වෙලා ඉන්නවා නම් දුකින් හරි කමක් නෑ වෙන් වෙන්න. මොකද අන්ත දුකට වැටෙනවාට වඩා හොඳයි ඇත්ත තේරුම් අරන් වෙන්වෙන එක.
මං දන්නවා මගේ කතාව කියවන දුවලා පුතාලා මට වඩා බුද්ධිමත් ඇති. දැන් තියෙනවා අලුත්ම දෙයක් best friends with benefits කියලා. ඒකත් හරියට මට වුණු දේ වගේමයි. ඒ වගේ දේවල් වලට අහු වෙන්න එපා පුතේ. ඊට වඩා ගොඩක් දේවල් තියෙනවා ජීවිතේ අපිට කරන්න හරිම කෙනා අපි හොයන් එනකන්.


දරුවා ලැබෙන්න කාලෙත් හරි යාගෙන ආවා. තවත් මාසයක් වගේ තිබුනේ. අම්මා හැමදේම ලෑස්ති කරා. ලැබෙන්න හිටිය ළමයට අම්මගෙ අතින්ම මහපු කපු රෙදි අඳන පවා තිබුණ මට මතකයි. අවුරුදු ගානක් ගෙවල් වල වැඩ කරල අම්මා සල්ලි ටිකක් පොතේ දාලා, ඒකෙන් තමයි පිරිමහ ගත්තේ. නැතිවුනු අත්තම්මාට පිට පින්සිද්ද වෙන්න හාල් පොල් අපිට අයිති වතු වලින්ම හොයා ගත්තා. දරුව ලැබෙන්න හිටිය කාලේ මං විදපු අපහාස ගැන නම් කතා කරලා වැඩක් නෑ. හොඳම කතා අහ ගත්තෙ මාමාගෙන්….

මතු සබැඳි… 

_විභූ_

Leave a Comment

Your email address will not be published. Required fields are marked *