slpl

ලංකා ප්‍රිමියර් ලීග් 20-20 තරගාවලිය කල් දැමේ

අගෝස්තු 28 සිට ආරම්භ වීමට නියමිතව තිබූ ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරඟාවලිය කල් දමා තිබේ. ශ්‍රී ලංකා ක්‍රිකට් (SLC) සභාපති ෂම්මි සිල්වා මහතා සදහන් කරන ආකාරයට සෞඛ්‍ය බලධාරීන් සමඟ පැවැත්වූ සාකච්ඡාවෙන් ඉදිරිපත් කරන ලද සෞඛ්‍ය නිර්ණායක වලට අනුව රට තුළට ඇතුළු වන ඕනෑම කෙනෙකුට දින 14 ක නිරෝධායන කාලය අනිවාර්ය වේ. එම නිසා ජාත්‍යන්තර ක්‍රීඩකයින් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීම දුෂ්කර බැවින් තරගාවලිය කල් දැමීමට සිදුවන බව එම මහතා තවදුරටත් පැවසිය.


IPL තරගාවලියෙන් පසු නොවැම්බර් මැද භාගයේදී තරගාවලිය පැවැත්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් අදහස් කරයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *