අමිතාබ් බච්චන් කොරෝනාව ජයගනී.

ඉන්දීය ප්‍රවීණ රංගන ශිල්පී අමිතාබ් බච්චන් කොවිඩ් -19 සඳහා සිදුකල PCR පරීක්ෂණ ඍණාත්මක වීමත් සමග රෝහලෙන් පිටව ගොස් සිය පවුලේ සාමාජිකයින් සමග එකතුවූ බව ඔහුගේ පුත් අභිෂේක් බච්චන් ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් පවසා සිටි.අභිෂේක් බච්චන් තව දුරටත් වෛද්‍ය අධීක්ෂණය යටතේ රෝහලේ ප්‍රතිකාර ලබයි.


අමිතාබ් බච්චන් හා අභිෂේක් බච්චන් කොවිඩ් -19 සඳහා සිදුකල PCR පරීක්ෂණ මගින් කොවිඩ් -19 අසාදනයවී ඇති බව තහවුරුවීමත් සමග පසුගිය ජූලි 11 වන දින මුම්බායිහි රෝහලකට ඇතුලත් කරනලදී. ඊට පසුදින අයිශ්වර්යා රායි හා දියණියද කොවිඩ් -19 අසාදනයවීම නිසා රෝහල් ගතකලද පසුගිය ජූලි 27 වන දින ඔවුන් කොවිඩ් -19 සුව වීම නිසා රෝහලෙන් පිටව යනලදී.

සබැදි ලිපි :- අයිශ්වර්යා සුවය ලබයි , ආයිශ්වර්යා රෝහල් ගත කරයි , බච්චන් පවුලටත් කොරෝනා

Leave a Comment

Your email address will not be published. Required fields are marked *