ඉන්දියාවේ ගුවන් අනතුරක්!!

පුද්ගලයන් 191 දෙනෙකු සමඟ ඩුබායි සිට ගමන් කරමින් සිටි, එයාර් ඉන්දියා එක්ස්ප්‍රස් ගුවන්යානයක් දකුණු කේරළ ප්‍රාන්තයේ Kozhikode ගුවන් තොටුපලට ගොඩබෑමේදී ගුවන් ධාවන පථයෙන් ඉවතට පැන අද (අගෝස්තු 07) අනතුරට ලක්ව ඇතැයි බලධාරීහු පවසති.

මෙහිදී යානය දෙකට කැඩී ගොස් ඇති අතර, හදිසි සේවා විසින් ගලවා ගැනීමේ මෙහෙයුම් සිදුකරමින් පවතී. ගුවන් නියමුවා ඇතුළු අවම වශයෙන් දෙදෙනෙකු මියගොස් ඇති අතර, තුවාලකරුවන් රෝහල් වෙත ඇතුලත් කර ඇති බව ගුවන් සමාගමේ ප්‍රකාශකයෙක් පවසා ඇත.

IX-1344 ගුවන් යානය අනතුරට පත්වන විට, ළමුන් 10 දෙනෙකු ඇතුළු මගීන් 184 දෙනෙකු සහ ගුවන් නියමුවන් දෙදෙනෙකු ඇතුළු කාර්ය මණ්ඩල සාමාජිකයින් 6 දෙනෙකු සිටි බව ගුවන් සමාගම පවසයි. තවද, අනතුර සිදුවන විට එම ප්‍රදේශයට දැඩි වර්ෂාපතනයක් පතනය වූ බව වාර්තාවේ.

මේ අයුරින්ම 2010 මැයි මාසයේදී එයාර් ඉන්දියා එක්ස්ප්‍රස් ගුවන්යානයක් මංගලෝර් ගුවන් තොටුපළ ධාවන පථයට පෙරළී 158 දෙනෙකු මියගොස් තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *