කොරෝනාවට සාර්ථක එන්නතක් ?

බ්‍රිතාන්‍යයේ ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලයේ පරීක්ෂණ කණ්ඩායමක් විසින් අත්හදා බලනු ලැබූ එන්නතක් කොරෝනා වයිරසය සදහා මිනිස් සිරුර තුල ප්‍රතිශක්තිකරණ ඇති කිරීමට සමත්වී ඇත.
පුද්ගලයන් 1,077 දෙනෙකු සම්බන්ධ කරගනිමි අත්හදා බැලූ මෙම එන්නත මඟින් කොරෝනා වයිරසයට එරෙහිව සටන් කළ හැකි ප්‍රතිදේහ සහ ටී සෛල නිපදවීමට සමත්වී ඇත.

ChAdOx1 nCoV-19 නමින් හැඳින්වෙන මෙම එන්නත තවදුරටත් වැඩිදියුණු කලයුතු බව පරීක්ෂකයින් පවසයි.
මෙම එන්නත මගින් අතුරු ආබාධ ඇතිවිය හැකි අතර එන්නත ගැනීමෙන් භයානක අතුරු ආබාධ කිසිවක් නොතිබුණි, පරික්ෂණයට සම්බන්ධවූ පිරිසෙන් 70% කට උණ හෝ හිසරදය ඇති විය.පර්යේෂකයන් පවසන්නේ එය පැරසිටමෝල් මගින් පාලනය කළ හැකි බවයි.


එක්සත් රාජධානියේ ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලයේ මහාචාර්ය සාරා ගිල්බට් පවසන පරිදි මෙම එන්නත COVID 19 පාලනය සදහා යොදාගැනීමට පෙර තවත් වැඩි දියුණු කල යුතු බවයි. ඔවුන්ගේ ප්‍රධාන අරමුණ වන්නේ හැකි ඉක්මනට එන්නත ජනතාවට ලබා දීමට තරම් ආරක්ෂිත බව සහතික කිරීමයි.

මීලග අත්හදා බැලීම සදහා එක්සත් රාජධානියෙන් 10000ක් එක්සත් ජනපදයෙන් 30,000 ක් දකුණු අප්‍රිකාවේ 2,000 ක් සහ බ්‍රසීලයේ 5,000 ක් යොදා ගැනීමට පරීක්ෂණ කණ්ඩායම අදහස් කරයි.

කොරොන වයිරස් එන්නතක් මෙම වසර අවසානයට පෙර සාර්ථක ලෙස වැඩිදියුණු කිරීමට පර්යේෂකයින් අදහස් කරයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *