කොරෝනා වැළදුණු ජනපති

කොරෝනා වෛරසය බියවිය යුතු භයානක වෛරසයක් නොවන බව නිතර පැවසූ කිසිදු අවස්ථාවකදී මුඛ ආවරණ නොපැලදී බ්‍රසීල ජනාධිපති ජෙයා බොල්සොනාරෝ ට කොරෝනා වෛරසය වැළඳී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
විදෙස් මාධ්‍ය වාර්තා වලට අනුව ජනාධිපතිවරයා ඊයේ දිනයේදී සිව් වතාවක් කොරෝනා වෛද්‍ය පරීක්ෂණයට ලක්වූ අතර එහිදී ඔහුට වෛරසය වැලදී ඇති බවට තහවුරු වී තිබෙනවා.

මිට දින කිහිපයකට පෙරදී ඔහුට කොරෝනා රෝග ලක්ෂණ පහළවී තිබුනත් එය මද උණ ගතියක් යැයි පවසමින් එම තත්ත්වය බැරෑරුම් නොවන බවට ඔහු පවසා තිබේ. නමුත් අවසානයේදී සිදුකළ වෛද්‍ය පරීක්ෂණ වලට අනුව ඔහුට කොරෝනා වෛරසය ආසාදනයවී ඇති බව තහවුරු වීය.

කොරෝනා වෛරසය පාලනයට නිසි ක්‍රියා මාර්ග නිසි වෙලාවට නොගැනීම නිසා බ්‍රසීල ජනතාව අතර ඔහුගේ ජනප්‍රියත්වය අඩුවූ අතර ජනයාගේ උදහසටද ලක්විය.

මේ වන විට බ්‍රසීලයෙන් කොරෝනා වෛරසය ආසාදනය වූ සමස්ත පුද්ගලයින් සංඛ්‍යාව 1,674,655ක් වන අතර මියගිය සංඛ්‍යාව 66,868ක් වන අතර ලොව දෙවනියට වැඩිම අසාධිතයන් වාර්තාවූ රට බවට පත්වී තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *