ලෙබනනයේ බේරූට් අගනුවර විශාල පිපිරීමක්.

අද(අගෝස්තු 4) සවස ලෙබනනයේ අගනුවර වන බේරූට් නගරයේ විශාල පිපිරීමක් සමග පිපිරීම් 2ක් සිදුව ඇති බව විදෙස් මාධ්‍යය වාර්තාකරයි.
ලෙබනනයේ රාජ්‍ය ප්‍රවෘත්ති ඒජන්සිය සහ ආරක්ෂක ආරංචි මාර්ග පවසන ආකාරයට වරාය ප්‍රදේශයේ ඇති ගිනිකෙළි නිෂ්පාදන අමුද්‍රව්‍ය ගබඩාවක එක් පිපිරුමක් සිදුවී ඇති බවයි. පිපිරීමට හේතුව කුමක්ද හෝ ගබඩාවල කුමන ආකාරයේ පුපුරණ ද්‍රව්‍ය තිබුණේද යන්න තවම හදුනාගෙන නොමැත.

දෙවන පිපිරුම හිටපු අගමැති රෆික් හරිරිගේ මුලස්ථානය ආසන්නයේ සිදුවී ඇතිබවයි. එරට සෞඛ්‍ය අමාත්‍යවරයා පවසන ආකාරයට පිපිරුමෙන් සියගණනක් තුවාල ලබා ඇතිබවයි.
නගරයේ නිවාස හා ගොඩනැගිලි වලට දැඩි හානි සිදුවී ඇති අතර කිලෝමීටර් 10 ක් පමණ දුරට පිපිරීමේ කම්පනය දැනී ඇතිබව විදෙස් මාධ්‍යය පවසයි.

පිපිරුමට හේතුව හා සිදුවූ හානිය පිළිබද තවම අනාවරණයවී නොමැති අතර ආරක්ෂක අංශ විසින් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
2005 දී හිටපු අගමැති රෆික් හරිරිගේ ඝාතනය සම්බන්ධයෙන් වූ නඩු විභාගයක තීන්දුව එක්සත් ජාතීන්ගේ විනිශ්චය සභාවක් මගින් සිකුරාදා ප්‍රකාශ කිරීමට නියමිතව තිබියදී සිදුවූ මෙම පිපිරිම කාගේත් අවදානයට ලක්ව තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *