ලෙබනනය නැවත ගිනි ගනී.

ලෙබනනයේ බේරූට් වරායේ විශාල ගින්නක් හටගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටිනවා. බේරූට් වරායේ මිට මාසයකට පමණ පෙර ඇතිවූ විශාල පිපිරීමට මසක් පමණ ගතවද්දී සිදුවූ මෙම ගින්නට හේතුව තවම අනාවරණය කරගෙන නොමැත. වරායේ තීරුබදු රහිත කලාපයේ තෙල් හා ටයර් ගබඩාවක ගින්න හටගෙන තිබේ. ගිනි නිවන භටයන් හා හමුදාව එක්ව ගින්න මැඩ පැවැත්වීමට කටයුතු කරන අතර සිදුවූ හානිය පිළිබද තවම වාර්තාවී නොමැත.

මසකට පෙර ඇමෝනියම් නයිට්රේට් ගබඩාවේ සිදුවූ පිපිරීමෙන් පුද්ගලයින් 190 කට අධික සංඛ්‍යාවක් ජිවිතක්ෂයට පත්ව තවත් 6000 කට අධික පිරිසක් තුවාල ලැබුහ. 300000 පමණ නිවාස අහිමි විය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *