ලොව අංක එකේ ටෙනිස් ශුරයාටත් කොරෝනා

ලොව අංක එකේ ටෙනිස් ශුරයා වන Novak Djokovic හා ඔහුගේ බිරිඳට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි .

Novak Djokovic විසින් සංවිධානය කරන ලද ප්‍රදර්ශනාත්මක ටෙනිස් තරගාවලියක් ක්‍රෝඒෂියාවේ, බල්කාන්ස් හිදී පවත්වනු ලැබූ අතර එයට සහභාගිවූ ලොව සුප්‍රසිද්ධ ටෙනිස් ක්‍රීඩකයින් වන rigor Dimitrov, Borna Coric සහ Viktor Troicki හට ද වෛරසය ආසාදනය වී ඇති බවට පසුගියදා තහවුරුවූ අතර මේ හේතුවෙන් තරගාවලිය අතර මැදදී අත්හිටුවීමට සංවිධායක මණ්ඩලය පියවර ගනු ලැබුවා.
මෙම තරගාවලිය සඳහා සහභාගිවූ සෙසු ක්‍රීඩකයින්, ඔවුන්ගේ සහයක කණ්ඩායම්, තරග නිලධාරින් ඇතුළු විශාල පිරිසකට ඒ අනුව කොරෝනා වෛද්‍ය පරීක්ෂණ සිදුකර ඇත.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *