සිත සොරා රැගෙන යන ලස්සනක් දැක්කෙ නෑ සීනු හඬ පරදවන කටහඬක් ඇසුනෙ නෑ වංශ ගත දේපලක් දෙන්න නම් සුදුසු නෑ සාපෙළින් පස්සේ යළි පාසලට අරන් නෑ පළමු වර ඔබේ නෙත ගැටුණු සැටි මතක නෑ වෙන කාටවත් මෙහෙම ආදරෙ හිතුනෙ නෑ හදින් හද ගත්තු දින සිහිය නම් තිබුනෙ නෑ එවන් පෙම පසෙකලා සමු අරන් යන්නෙ නෑ… _විභූ_
