සෙනේහයේ ජයකොඩි Leave a Comment / Poems මන්දාරම් හිරිකඩ සුව පරදන.. සසරේ පුරුදු සුවඳකි මන බන්දන.. වෙළුණු කයට පහසකි සිහි සුන්වන.. සිතේ රැඳුණු ආශා පොදි නංවන.. ආත්මගත ප්‍රේමය නිති වඩවන.. ගෙනෙන මිහිර අරුමයකැයි දන්වන.. දෙහිතක් තුළ තද කරගෙන පෙන්වන.. සෙනේහයේ ජයකොඩි මේ ලෙලදෙන….! _විභූ_ Post Views: 512