අන්තර් සමාජ පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේ සුපිරි කණ්ඩායම් 8 අතර තරග වටයේ සැරසන්ස් ක්‍රීඩා සමාජයට එරෙහිව(අගෝස්තු 26) ශ්‍රී ලංකා යුද හමුදා ක්‍රීඩා සමාජය නියෝජනය කරන චන්දිමාල් නොදැවී ලබාගත් ලකුණු 354 ශ්‍රී ලංකාවේ දේශීය පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේ පිතිකරුවකු ලබාගත් ඉහළම ලකුණු සංඛ්‍යාව ලෙස වාර්තා අතරට එක්විය. පන්දු 391 කදී වාර්තාවූ මෙම ඉනිම හයේ පහර 9 කින් සහ හතරේ පහර 33 කින් වර්ණවත් විය.
චන්දිමාල්ගේ මෙම ත්‍රිත්ව ශතකය පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේ වාර්තා වුණු 10 වැනි ත්‍රිත්ව ශතකය වන අතර මහේල ජයවර්ධන විසින් 2006 වසරේදී දකුණු අප්‍රිකාවට එරෙහිව රැස් කරන ලද ලකුණු 374 ට පමණක් දෙවැනි වේ.චන්දිමාල් විසින් අද බිඳ හෙළන ලද්දේ 2015 වසරේදී ටැමිල් යුනියන් කණ්ඩායම නියෝජනය කළ කිත්රුවන් විතානගේ විසින් ගුවන් හමුදා පිලට එරෙහිව ලකුණු 351ක් ලබාගෙන තබා තිබු වාර්තාවයි.
මෙම ඉනිමත් සමගම චන්දිමාල් මෙවර තරග වාරයේදී ලකුණු 1000 සීමාව ඉක්මවා ගිය දෙවැනි පිතිකරුවා බවට පත්විය.මෙවර තරග වාරයේදී තරග 8 කට ක්‍රීඩා කළ චන්දිමාල් මේ වන විට ඉනිම 13 කදී ලකුණු 1027 ක් රැස් කරගෙන සිටින්නේ ඉනිමක ලකුණු ලබා ගැනීමේ සාමාන්‍ය 93.36 ක් රඳවා තබා ගනිමිනි. එම ලකුණු සාමාන්‍ය මෙම තරගාවලියේදී පිතිකරුවකු ලබා ඇති ඉහළම ලකුණු ලබා ගැනීමේ සාමාන්‍ය ලෙසින් සටහන් වේ.
3️⃣5️⃣4️⃣* runs
— ICC (@ICC) August 26, 2020
3️⃣9️⃣1️⃣ balls
3️⃣3️⃣ fours
9️⃣ sixes
An incredible knock by Dinesh Chandimal for Sri Lanka Army Sports Club 🤯 pic.twitter.com/ciIcaokWQk