2021 20-20 ලෝක කුසලානය ඕස්ට්‍රේලියාවට

රටවල් 16ක සහභාගිත්වයෙන් එක්සත් අරාබි එමීර් හා ඕමානයේ සත්කාරකත්වයෙන් දින 29ක් පුරා පැවති 7 වන 20-20 ලෝකකුසලනයේ අවසන් මහා තරගය අද (14) ඕස්ට්‍රේලියාව හා නවසීලන්තය අතර ඩුබායි හිදී පැවැත්විණි. කාසිය වාසිය දිනු ඕස්ට්‍රේලියා නායක Aaron Finch මුලින්ම පන්දු රැකීමට තීරණය කරන ලදී. ඒ අනුව පිටියට පැමිණි නවසිලන්ත පිතිකරුවන් කඩුලු 4කට ලකුණු 172ක් ලබාගන්නා ලදී විශිෂ්ට පිති හරබයක නිරතවූ නවසිලන්ත නායක Kane Williamson පන්දු 48 කදී ලකුණු 85ක් රැස්කරන ලදී.පන්දු යැවීමේදී Josh Hazlewood ලකුණු 16 කට කඩුලු 3ක් බිදහෙළිය. පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමට පිටියට පිවිසි ඕස්ට්‍රේලියානුවන් මුලසිටම තරගය තමන් වෙතට නතුකරගනිමින්…

Read More

අපරාජිත පකිස්ථානුවන් ඕස්ට්‍රේලියාවට පරදී

2021 20-20 ලෝක කුසලානයේ 2 වන අර්ධ අවසාන පුර්ව තරගය අද ඩුබායි හිදී පැවැත්වූ අතර තරගාවලිය පුරා අපරාජිතව සිටි පකිස්ථානය ඕස්ට්‍රේලියාව හුමුවේ කඩුලු 5කින් පරාජයට පත්වන ලදී. කාසිය වාසිය දිනු ඕස්ට්‍රේලියානු නායක Aaron Finch ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට පකිස්ථානුවන්ට ආරාධනා කරන ලදී. සාර්ථක තරගයට අවතිරනවූ පකිස්තානු ආරම්භක පිතිකරුවන් පළමු කඩුල්ලට ලකුණු 71ක සබදතාවක් ගොඩනගන ලදී.ලැබුණු හොද ආරම්භයත් සමග වේගවත් අවසානයක් කරා පිවිසි ඔවුන් සිය පන්දුවාර 20 අවසානයේ කඩුලු 4 කට ලකුණු 176ක් රැස්කරන ලදී. Mohammad Rizwan ලකුණු 67 වේගවත් ඉනිමක් ක්‍රීඩාකළ Fakhar Zaman පන්දු 32 කදී නොදැවී ලකුණු 55යි. පන්දු යැවීමේදී…

Read More

නවසීලන්තය අවසන් මහා තරගයට

2021 20-20 ලෝක කුසලාන තරගාවලියේ ප්‍රථම අවසන් පූර්ව තරගය අද (10) අබුඩාබි හිදී එංගලන්තය හා නවසීලන්තය අතර පැවැත්විණි. කාසියේ වාසිය දිනු නවසීලන්ත නායක Kane Williamson පළමුව පන්දු රැකීමට තීරණය කරන ලදී. මේ අනුව පිටියට පැමිණි එංගලන්ත පිතිකරුවන් සිය පන්දුවාර 20 අවසානයේදී කඩුලු 4ක් දැවී ලකුණු 166ක් ලබාගන්නා ලදී. Moeen Ali නොදැවී ලකුණු 51ක් හා Dawid Malan ලකුණු 41ක් ලබාගන්නා ලදී. පන්දු යැවීමේදී Tim Southee,Adam Milne,Ish Sodhi හා James Neesham එක කඩුල්ල බැගින් බිදහෙළිය. පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමට පැමිණි නවසීලන්ත පිතිකරුවන් පාලනය කිරීමට එංගලන්ත පන්දුයවන්නන් සමත්විය. ලකුණු 13ක් තිබියදී Martin Guptill…

Read More

පරිණත ක්‍රීඩකයින්ට කැපිල්ල ?

LPL දෙවන අදියරේ ක්‍රීඩක වෙන්දේසිය මීට සුළු මොහොතකට පෙර නිමවූ අතර පරිණත හා පසුගිය ලෝක කුසලාන සංචිතයේ සිටි ක්‍රීඩකයන් කිහිප දෙනෙකු කිසිදු කණ්ඩායමක් විසින් තෝරා නොගැනීම කාගේත් කතාබහට ලක්විය.තෝරා නොගත් ක්‍රීඩකයන් * Angelo Mathews* Kusal Janith Perera* Dinesh Chandimal* Minod Bhanuka* Dhananjaya De Silva* Akila Dhananjaya* Shiran Fernando* Sadeera Samarawickrama* Praveen Jayawickrama * Ksun Rajitha * Vishwa Fernando මිට අමතරව තරග තහනමට ලක්ව සිටින කුසල් මෙන්ඩිස් ,දනුෂ්ක ගුණතිලක Galle Gladiators කණ්ඩායම හා නිරෝෂන දික්වැල්ල Dambulla Giants කණ්ඩායම් විසින් තෝරාගෙන ඇත.සියලු කණ්ඩායම් හා තෝරා ගත්  සංචිත පහත පරිදි වේ. සවිස්තර තොරතුරු:-…

Read More

රෝහිත් ෂර්මා නායකත්වයට

නැමිබියාවට එරෙහිව පැවති ලෝක කුසලාන තරගයෙන් පසු ඉන්දීය සුපිරි පිතිකරු විරාත් කෝලි ඉන්දීය 20-20 කණ්ඩායමේ නායකත්වයෙන් ඉවත්වුණි. 2017දී පළමු වරට ඉන්දීය 20-20 කණ්ඩායම මෙහෙයවූ විරාත් කෝලි මේ දක්වා තරග 50කදී ඉන්දීය 20-20 කණ්ඩායමට නායකත්වය ලබාදී ඉන් තරග 30ක්ම ජය ලබා තිබේ.කෝලිගේ නායකත්වය යටතේ ඉන්දීය කණ්ඩායම පරාජය වී ඇත්තේ 20-20 ජාත්‍යන්තර තරග 16ක් පමණි. මෙම ඉවත්වීමත් සමගම නව නායකයා ලෙස රෝහිත් ෂර්මා පත්කර තිබේ. නවසීලන්තය සමග එළඹෙන 17 වනදා ආරම්භවීමට නියමිත 20-20 තරගාවලියේදී ඔහු ප්‍රථම වරට නිත්‍ය නායකයා ලෙස ඉන්දීය කණ්ඩායම මෙහෙයවීමට නියමිතය. තරග 3කින් යුතු මෙම 20-20 තරගාවලියට හිටපු නායක…

Read More

කොරෝනා සුව කරන්න ඖෂධ කරලක්

රෝග ලක්ෂණ සහිත Covid රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා නිර්මාණය කරන ලද ලොව පළමු ඖෂධ කරලට එක්සත් රාජධානියේ ඖෂධ නියාමන අධිකාරිය විසින්අනුමැතිය ලබාදී ඇත. Merck, Sharp and Dohme (MSD) සහ Ridgeback Biotherapeutics යන එක්සත් ජනපද ඖෂධ සමාගම් විසින් නිපදවන ලද Molnupiravir කොවිඩ් සඳහා වන පළමු ප්‍රතිවෛරස් ඖෂධ කරලවේ. සායනික පරීක්ෂණ වලට අනුව Covid19 ආසාදිතයන් දිනකට දෙවරක් මෙම ඖෂධය බාවිතයෙන් රෝගය උත්සන්න වී රෝහල්ගත වීමේ හෝ මරණයේ අවදානම අඩකින් පමණ අඩු කරයි. එකසත් රාජධානියේ සෞඛ්‍ය ලේකම් සජිඩ් ජාවිඩ් පැවසුවේ මෙම ප්‍රතිකාරය වඩාත් දුර්වල හා ප්‍රතිශක්තිකරණය අඩු අයට මරණයේ අවධානම අඩු කරන අස්වැසිල්ලක්…

Read More

ශ්‍රී ලංකාව බටහිර ඉන්දීය බලාපොරොත්තු සුන්කරයි

ලෝක කුසලාන තරගාවලියේ 35වන තරගය ශ්‍රී ලංකාව හා බටහිර ඉන්දීය කොදෙව්වන් අතර අබුඩාබි හිදී අද (04) පැවැත්වීය. සුපිරි 12හි 1 වන කාණ්ඩය යටතේ පැවති මෙම තරගයේ කාසියේ වාසිය දිනු බටහිර ඉන්දීය නායක Kieron Pollard මුලින්ම පන්දු රැකීමට තීරණය කරන ලදී. ඒ අනුව මුලින්ම පන්දුවට පහර දුන් ශ්‍රී ලංකාව සිය පන්දුවාර 20 අවසානයේ කඩුලු 2ක් දැවී ලකුණු 189ක් රැස්කරගන්නා ලදී. Charith Asalanka ලකුණු 68ක් හා Pathum Nissanka ලකුණු 51ක් රැස්කරන ලදී. පන්දු යැවීමේදී Andre Russellලකුණු 22 කට කඩුලු 2ක් බිදහෙළිය. පිළිතුරු ඉනිම ක්‍රීඩාකළ බටහිර ඉන්දීය කොදෙව්වන් සිය පන්දුවාර 20 අවසානයේ කඩුලු…

Read More

ඕස්ට්‍රේලියාවට විශිෂ්ට ජයක්

ලෝක කුසලාන තරගාවලියේ 34වන තරගය ඕස්ට්‍රේලියාව හා බංගලිදේශය අතර ඩුබායි හිදී අද (04) පැවැත්වීය. සුපිරි 12හි 1 වන කාණ්ඩය යටතේ පැවති මෙම තරගයේ කාසියේ වාසිය දිනු ඕස්ට්‍රේලියා නායක Aaron Finch මුලින්ම පන්දු රැකීමට තීරණය කරන ලදී. ඒ අනුව මුලින්ම පන්දුවට පහර දුන් බංගලිදේශය පන්දුවාර 15 අවසානයේ සියලු දෙනා දැවී ලකුණු 73ක් රැස්කරගන්නා ලදී. Shamim Hossain ලකුණු 19යි. විශිෂ්ට පන්දු යැවීමක නිරතවූ Adam Zampa ලකුණු 19 කට කඩුලු 5ක් බිදහෙළිය. දල ලකුණු ලබාගැනීමේ වේගය මගින් දකුණු අප්‍රිකාව අබිබවා යාමට ඕස්ට්‍රේලියාවට පන්දුවාර 8.1 තුලදී ජයග්‍රාහී ඉලක්කය සපුරාගත යුතුව තිබුණි. වේගවත් ආරම්භයක් ලබාගත්…

Read More

ඉන්දියාව ප්‍රථම ජය ලබයි.

ලෝක කුසලාන තරගාවලියේ 33 වන තරගය ඉන්දියාව හා ඇෆ්ගනිස්ථානය අතර ඩුබායි හිදී අද (03) පැවැත්වීය. සුපිරි 12හි 2 වන කාණ්ඩය යටතේ පැවති මෙම තරගයේ කාසියේ වාසිය දිනු ඇෆ්ගනිස්ථාන නායක Mohammad Nabi මුලින්ම පන්දු රැකීමට තීරණය කරන ලදී. ඒ අනුව මුලින්ම පන්දුවට පහර දුන් ඉන්දියාව සිය පන්දුවාර 20 අවසානයේ කඩුලු 2ක් දැවී ලකුණු 210ක් රැස්කරගන්නා ලදී. විශිෂ්ට පිතිහරභයක නිරතවූ Rohit Sharma ලකුණු 74යි, KL Rahul ලකුණු 69යි. පන්දු යැවීමේදී Gulbadin Naib හා Karim Janat එක කඩුල්ල බැගින් බිදහෙලන ලදී.පිළිතුරු ඉනිම ක්‍රීඩා කල ඇෆ්ගනිස්ථානය සිය පන්දුවාර 20 අවසානයේ කඩුලු 7 කට 144…

Read More

ස්කොට්ලන්තයෙන් හොද තරගයක්

ලෝක කුසලාන තරගාවලියේ 32 වන තරගය ස්කොට්ලන්තය හා නවසීලන්තය අතර ඩුබායි හිදී අද (03) පැවැත්වීය. සුපිරි 12හි 2 වන කාණ්ඩය යටතේ පැවති මෙම තරගයේ කාසියේ වාසිය දිනු ස්කොට්ලන්ත නායක Kyle Coetzer මුලින්ම පන්දු රැකීමට තීරණය කරන ලදී. ඒ අනුව මුලින්ම පන්දුවට පහර දුන් නවසීලන්තය සිය පන්දුවාර 20 අවසානයේ කඩුලු 5ක් දැවී ලකුණු 172ක් රැස්කරගන්නා ලදී. විශිෂ්ට පිතිහරභයක නිරතවූ Martin Guptill ලකුණු 93යි, Glenn Phillips ලකුණු 33යි. පන්දු යැවීමේදී Brad Wheal හා Safyaan Sharif කඩුලු 2 බැගින් බිදහෙලන ලදී. පිළිතුරු ඉනිම ක්‍රීඩා කල ස්කොට්ලන්තය හොද අබියෝගයක් එල්ල කරමින් ප්‍රවේගවත් පිතිකරණයක නියැලිනි…

Read More