අරුම පුදුම සහකාරිය…

ජීවන සහකාරියක් සොයාගැනීමේදී   සලකනු ලබන  නිර්ණායක එක් එක් පුද්ගලයා ගෙන් පුද්ගලයාට වෙනස් වන අතර හොඳ පෙනුමක්, පොහොසත් වීම,බුධිමත් බව ,රසවත්ව ආහාර පිසීමට හැකිවීම ආදී නිර්ණායක සමාජයේ බොහෝ දෙනා සලකාබලයි.

ඉන්දුනීසියානු තරුණයකු  මේ  සියළුම ආදර සම්මුතීන් නොසලකා හරිමින් ඔහුගේ Rice Cooker  එක සමග විවාහ වන ඡායාරූප කිහිපයක් සිය ට්විටර් ගිණුමෙන්  පළකිරීමත් සමග සමාජ මාධ්‍ය ඔස්සේ වැඩි වශයේ කතාබහට ලක්විය. 

මනාලිය(Rice Cooker) මංගල ඇඳුමින් සැරසී සිටි අයුරු දැක්වෙන ඡායාරූපය කාගේත් කතාබහට ලක්විය. Rice Cooker ය සත්‍ය මනාලියක් ලෙස පෙනෙන පරිදි මනාලියන් පළදින හිස්  වැස්ම පැළඳ සිටි අතර තවත්  ඡායාරූපයක දැක්වෙන්නේ එම පුද්ගලයා උපකරණය සමඟ “හාදුවක්” බෙදා ගන්නා ආකාරයත්  තවත් ඡායාරූපයක බත් උදුන අසල ලියාපදිංචි මේසය ඉදිරිපිට වාඩිවී තම විවාහ ලියවිලි වලට අත්සන් තබන අයුරු පෙන්වීය. ඔහු මෙම ඡායාරූප පළකරමින්  පහත වැකිය යොදා තිබිනි “සුදු , වැඩිපුර කතා නොකරන අතර ආහාර පිසීමට දක්‍ෂයි”.

සමස්ත සිදුවීමම විහිළුවක් විනා වෙන කිසිවක් නොවන අතර  තමන්  අන්තර්ජාලය තුල  ප්‍රසිද්ධියක් ලබා ගැනීම සඳහා මෙම ඡායාරූප පලකල බව මෙම තරුණයා පසුව ප්‍රකාශ කර තිබුණි.  කෙසේ වෙතත් හාස්‍යජනක මෙමෙ සිද්ධිය ලොව පුරා සිදුවූ තවත් අපූරු  මංගල උත්සවයක් ලෙස ඉතිහාස ගතවිය.

Related posts

Leave a Comment