සංගක්කාර MCC යට සමුදෙයි …

2019 වසරේදී එංගලන්තයේ MCC ක්‍රිකට් සමාජයේ සභාපතීත්වයට කුමාර් සංගක්කාර මහතා පත්කෙරුණු අතර පවතින COVID 19 වසංගතය හේතුවෙන් ඔහුගේ නිල කාලය වසර 2 දක්වා දීර්ඝකරන ලදී. 2020 වාර්ෂික මහා සභා රැස්වීමේදී කුමාර් සංගක්කාර මහතා විසින් එංගලන්ත වෙනුවෙන් පළමුවරට අළුබදුන ක්‍රිකට් ශූරතාව දිනු ක්ලෙයාර් කොනෝර්ගේ නම යෝජනාකරන ලදී.

වසර 234 ක MCC ක්‍රිකට් සමාජ ඉතිහාසයේ කාන්තාවක් සභාපතීත්වයට පත්වූ ප්‍රථම අවස්ථාව ලෙස මෙය ඉතිහාසගතවිය.

වයස අවුරුදු 19 ක් වන ක්ලෙයාර් කොනෝර් 1995 දී දී එංගලන්තයට පිවිසි අතර 2000 දී එංගලන්ත කාන්තා කණ්ඩයමේ නායකත්වය භාර ගත් අතර වසරකට පසු ඕස්ට්‍රේලියාවට එරෙහිව ලෝඩ්ස් ක්‍රීඩාංගණයේදී එංගලන්තය මෙහෙයවීය.
වමතින් දඟ පන්දු යැවූ තුන් ඉරියව් ක්‍රීඩිකාවක් වන කොනර් එංගලන්ත කාන්තා කණ්ඩායම වසර 42 කට පසු පළමු අළු බඳුන ජයග්‍රහණය කරා 2005 දී ගෙන ගිය අතර එම තරගාවලිය තරග 1-0ක් ජයග්‍රහණය කළේය.

Related posts

Leave a Comment