ඕමානයට එරෙහි ප්‍රථම සටන අද

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වෙන විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සදහා දිවයිනින් පිටත්වගිය ශ්‍රීලංකා කණ්ඩායම පුහුණු තරග 2ක් සදහා ඕමාන් පිල හා තරගවදින අතර ඉන් පළමු තරගය අද (07 වැනිදා) දිනයේදී සත්කාරක ඕමාන් පිල මුණ ගැසෙනු ඇත. ඕමාන් ක්‍රිකට් පුහුණු විද්‍යාතයන පිටියේ පැවැත්වෙන මෙම තරගය ශ්‍රී ලංකා වේලාවෙන් ප.ව. 4.00 ට ආරම්භ වේ. මෙය ශ්‍රීලංකා කණ්ඩායමක් ඕමානය හා ගැටෙන ප්‍රථම අවස්ථාව ලෙස ඉතිහාසගතවේ.
දෙවන තරගය ඔක්තෝබර් 08 වන දින ශ්‍රී ලංකා වේලාවෙන් ප.ව. 8.00 ට ආරම්භ වේ. මෙම පුහුණු තරග දෙක 20-20 ලෝක කුසලානයට හා සුදුසුකම් ලැබීමේ තරගාවලියට මනා පිටිවහලක් වන බව ශ්‍රී ලංකා නායක දසුන් ශානක විදෙස් මාධ්‍යට ප්‍රකාශකරන ලදී.

ශ්‍රී ලංකා සංචිතය – දසුන් ශානක (නායක), ධනංජය ද සිල්වා (උප නායක), කුසල් පෙරේරා, දිනේෂ් චන්දිමාල්, අවිෂ්ක ප්‍රනාන්දු, භානුක රාජපක්ෂ, චරිත් අසලංක, වනිඳු හසරංග, කමිඳු මෙන්ඩිස්, චාමික කරුණාරත්න, නුවන් ප්‍රදීප්, දුෂ්මන්ත චමීර, ප්‍රවීන් ජයවික්‍රම, මහීෂ් තීක්ෂණ, ළහිරු කුමාර, බිනුර ප්‍රනාන්දු, අකිල ධනංජය, පුලින තරංග, මිනෝද් භානුක, පැතුම් නිස්සංක, අෂේන් බණ්ඩාර, ලක්ෂාන් සඳකැන්, රමේෂ් මෙන්ඩිස්.

ලෝක කුසලාන තරගාවලිය සඳහා සහභාගිවන 15 දෙනෙකුගෙන් යුතු කණ්ඩායම මෙම පුහුණු තරග 2න් අනතුරුව නම්කිරීමට නියමිතයි.

Related posts

Leave a Comment