සාගරයේ දැවැන්තයා…

ලොව විශාලතම කන්ටේනර් ප්‍රවාහන නෞකාව වන ‘Ever Ace’ සිය මංගල ගමන්වාරය අතරතුර පළමු වරට අද ( ඔක්තෝබර් 06) කොළඹ වරායට සේන්දුවිය.
තායිවානයේ නැව් සමාගමක් වන එවර්ග්‍රීන් මැරීන් සතු වන ‘Ever Ace’ ඔවුන් සැලසුම් කරන ලද සුපිරි බහාලුම් යාත්‍රා 12 ක පළමු යාත්‍රාවයි. මෙම දැවැන්ත නෞකාව මීටර් 400 ක් දිග හා මීටර් 61.5m පළල වන අතර බහාලුම් 23,992 ක් රැගෙන යාහැක. කොරියානු නැව් අංගනය වන Samsung Heavy Industries හිදී හ ඉදිකරන ලද මෙම යාත්‍රාව පැනමා ධජය යටතේ ලියාපදිංචි කොට ඇත.

කොළඹ වාරයේ මෙහෙයුම් කටයුතුවලින් පසු මලයාසියාවේ Tanjung Pelepas වරාය දක්වා ‘Ever Ace’ පිටත්විය.

Related posts

Leave a Comment