භානුක – චාමික ශ්‍රී ලංකාවට ජය ගෙනෙති

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඕමාන කණ්ඩායම අතර පැවැති දෙවන විස්සයි විස්ස තරඟය කඩුලු 05කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.
තරගයේ කාසියේ වාසිය දිනු දසුන් ශානක මුලින්ම පන්දුවට පහරදීමට සත්කාරක ඕමාන කණ්ඩායමට ආරාධනා
කරනලදී. ඒ අනුව ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ඕමාන කණ්ඩායම සිය පන්දුවාර 20 අවසානයේදී කඩුලු 8 දැවී 159 ක් ලබාගනිමින් ලකුණු 160ක තරගකාරී ලකුණු පුවරුවක් ලබාදෙන ලදී.
ඕමාන කණ්ඩායම වෙනුවෙන් අකිබ් ඉල්යාස් ලකුණු 59ක් රැස්කළ අතර කාශ්‍යප් ප්‍රජාපති ලකුණු 22ක් රැස් කිරීමට සමත්විය.
පන්දු යැවීමේදී ළහිරු කුමාර සහ චාමික කරුණාරත්න කඩුලු 2ක බැගින් දවාගත් අතර බිනුර ප්‍රනාන්දු, දසුන් ශානක සහ මහේෂ් තීක්ෂණ එක් කඩුල්ල බැගින් දවාගත්තේය.

පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි ශ්‍රි ලංකා කණ්ඩායම කණ්ඩායම පන්දුවාර 17යි පන්දු 2ක් තුළ කඩුලු 5ක් පමණක් දැවී ජයග්‍රහණය වාර්තා කළේය.විටෙක ලකුණු 89 කට කඩුලු 5 ක් දැවී යමින් අවධානමක සිටි ශ්‍රීලංකා කණ්ඩායම් භානුක රාජපක්ෂ සහ චාමික කරුණාරත්නගේ ලකුණු 74 ක නොබිඳුණු සම්බන්ධතාවයත් සමගින් ජයග්‍රහණය කරා මෙහෙයවන ලදී. භානුක පන්දු 21 කදී ලකුණු 35 ක්ද, චාමික කරුණාරත්න පන්දු 26 කදී ලකුණු 35 ක්ද ලබා ගන්නාලදී.ඒ සමඟම තරග 2 කින් සමන්විත 20-20 තරගාවලිය ශ්‍රී ලංකා පිල ජය ගනු ලැබුවේ 2-0 ක් ලෙසිනි.ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුදුසුකම් ලබා ගැනීමේ තරග වටයට ක්‍රීඩා කිරීම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම ඔක්තෝබර් 10 වැනිදා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබි නුවරට පිටත්වීමට නියමිටව ඇත.

 

ලෝක කුසලාන තරගාවලියට පෙර පෙරහුරුවක් ලෙසින් ඕමානයට එරෙහිව තරග වැදි දෙවැනි තරගයෙන්ද කඩුලු 5 ක විශිෂ්ඨ ජයක් වාර්තා කළ ශ්‍රී ලංකා කණ්ඩායම ජාත්‍යන්තරයේ තමන් සිටින්නේ කොතැනද යන්න පෙන්වා දීමට සමත්විය. ඒ සමඟම තරග 2 කින් සමන්විත විස්සයි-20 තරගාවලිය ශ්‍රී ලංකා පිල ජය ගනු ලැබුවේ 2-0 ක් ලෙසිනි.ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුදුසුකම් ලබා ගැනීමේ තරග වටයට ක්‍රීඩා කිරීම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම ඔක්තෝබර් 10 වැනිදා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබි නුවරට පිටත්වීමට නියමිටව ඇත.

Related posts

Leave a Comment