පළමු පුහුණු තරගයේ කඩුලු 4ක ජයක්

එක්සත් අරාබි එමීර් හිදී බංගලාදේශය හා ශ්‍රී ලංකාව අතර පැවැති පළමු පුහුණු තරගයේ ජය කඩුලු 4කින් ජය ගනිමින් හොද ආරම්භයක් ලබාගැනීමට ශ්‍රී ලංකා පිල සමත්විය.

පළමුව පන්දුවට පහරදුන් බංගලාදේශ් කණ්ඩායම සිය පන්දුවාර 20 අවසානයේදී කඩුලු 7ක් දැවී ලකුණු 147ක් ලබාගත් අතර සෞම්‍ය සර්කාර් පන්දු 26 කදී ලකුණු 34 ක් රැස් කළේය. ඔහු හැරුණු විට සෙසු පිතිකරුවන්ට ලකුණු 16 සීමාව ඉක්මවාලීමට ශ්‍රී ලංකා පන්දු යවන්නෝ අවසර ලබා නොදුන්හ.
පන්දු යැවීමේදී දුෂ්මන්ත චමීර පන්දුවාර 4 ලකුණු 27 කට සීමාකර ප්‍රතිවාදී කඩුලු 3 ක් ද බිඳ හෙළුවේය. අවසන් තරග කීපයේදීම දැඩි ප්‍රගතියක් පෙන්නුම් කරන ළහිරු කුමාර සහ වනිඳු හසරංග සිය පන්දුවාර 4 දී ලකුණු 24 ක් පමණක් ලබා දෙමින් එක් කඩුල්ල බැගින් බිඳ හෙළූහ.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කල ශ්‍රීලංකානු පිතිකරුවෝ පන්දුවාර 19ක් අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 149ක් ලබාගනිමින් ජයග්‍රහණය වාර්තා කරනලදී. කැපී පෙනෙන පිතිහරඹයක නිරත වුණු අවිෂ්ක ප්‍රනාන්දු හයේ පහර 3 ක් සහ හතරේ පහර 2 ක් සමඟින් පන්දු 42 කදී ලකුණු 62 ක් ලබා ගන්නාලදී. ඔහුට අනගි සහායක් ලබා දුන් චාමික කරුණාරත්න පන්දු 25 කදී හයේ පහරක් සහ හතරේ පහරක් සමඟින් ලකුණු 29 ක් ලබා ගත්තේය.හත්වන කඩුල්ල වෙනුවෙන් ඔවුන් දෙදෙනා පන්දු 49 කදි නොබිඳුණු ලකුණු 73 ක සම්බන්ධතාවක් පවත්වනලදී.
පන්දු යැවීමේදී සෞම්‍ය සර්කාර් කඩුලු 2ක් බිදදමමින් සාර්ථකත්වයට පත්විය.
පෙර ඕමාන් තරගයේදී මෙන්ම ශ්‍රී ලංකා මුල්පෙළ නැවතත් අසාර්ථකවූ අතර අවිෂ්ක හා චාමික හැරුණුවිට කිසිදු ශ්‍රී ලංකා පිතිකරුවෙකුගෙන් සැලකියයුතු දක්ෂතාවයක් ඉස්මතු නොවිණි.

මීට අමතරම අයර්ලන්තය හා ස්කොට්ලන්තයද පැවති පුහුණු තරගවලින් ජය වර්තකරනලදී. ශ්‍රී ලංකාව සහභාගිවන මීළඟ පුහුණු තරගය ඔක්තෝබර් 14 වැනිදා පැපුවා නිව්ගිනියාවට එරෙහිව අබුඩාබිහිදී පැවැත්වෙනු ඇත.

Related posts

Leave a Comment