LPL දෙසැම්බර් 5 ආරම්භවේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් දෙවන වරටත් සංවිධානය කරනු ලබන ලංකා ප්‍රිමියර් ලීග් තරඟාවලිය දෙසැම්බර් 5 දා පැවැත්වීමට නියමිත බව ක්‍රිකට් ආයතනය තහවුරු කරයි. කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන පළමු තරගය පසුගිය වසරේ අවසන් තරඟකරුවන් වූ Galle Gladiators හා Jaffna Kings අතර වන අතර අවසන් තරගය දෙසැම්බර් 23 දා හම්බන්තොටදී පැවැත්වේ.
මූලික වටයේ පැවැත්වෙන තරග 20 ම කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. මූලික වටයේ තරග වලින් අනතුරුව දෙසැම්බර් 23 වැනිදා පැවැත්වීමට නියමිත අවසන් මහ තරගය ඇතුළු knock – out තරග වටයේ තරග හතර හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට කටයුතු යොදා තිබේ.
දෙසැම්බර් 23 වැනිදා පැවැත්වීමට නියමිත අවසන් මහ තරගයට පසු දිනද අතිරේක දිනයක් ලෙස නම් කර තිබීම මෙවර තරගාවලියේ විශේෂ වෙනසක් ලෙස හැදින්විය හැක.

LPL දෙවන අදියරේ තරග පෙළගැස්ම පහතපරිදිවේ,

 

Related posts

Leave a Comment