දෙවන පුහුණු තරගයත් ශ්‍රී ලංකාව ජය ගනී.

ICC 20-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට පෙර අබුඩාබිහිදී පැවැති 2 වන පුහුණු තරගය පැපුවා නිව්ගිනියාවට එරෙහිව පහසුවෙන් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද සමත්විය.
කාසියේ වාසිය දිනු නායක දසුන් ශානක මුලින්ම පන්දුවට පහරදීමට තීරණය කල අතර නියමිත පන්දුවාර 20 අවසානයේදී කඩුලු 5 කට ලකුණු 162ක් ලබාගත් අතර පැතුම් නිශ්ශංක ලකුණු 76 ක් ලබාගෙන නැවත ලකුණු අතරට පැමිණි අතර අවිශ්ක ප්‍රනාන්දු පන්දු 37 කදී ලකුණු 61 ක් රැස් කරනලදී.
ඒ අනුව පපුවා නිව්ගිනියාව පන්දුවාර 20 තුළ කඩුලු 7 ක් දැවී ලකුණු 124 ක් රැස් කළේය. දුෂ්මන්ත චමීර සහ වනිඳු හසරංග කඩුලු 2 බැගින් ද, චාමික කරුණාරත්න, දසුන් ශානක සහ මහීෂ් තීක්ෂණ කඩුල්ල බැගින් දවා ගත්හ.
මෙම ජයග්‍රහණයත් සමඟ ශ්‍රී ලංකාව ධනාත්මක මානසිකත්වයකින් යුතුව 20-20 ලෝක කුසලානයට සුදුසුකම් ලැබීමේ තරගාවලියට පිවිසෙනු ඇත. ඒ අනුව ලබන 18 වෙනිදා නැමීබියාව සමග ප්‍රථම තරගයට සහභාගිවීමට නියමිතය.

Related posts

Leave a Comment