7වන ICC 20-20 ලෝක කුසලානය ආරම්භවේ

රටවල් 16ක සහභාගිත්වයෙන් එක්සත් අරාබි එමීර් හා ඕමානයේ සත්කාරකත්වයෙන් 7 වන 20-20 ලෝකකුසලනය අදින් ආරම්භවේ. දින 29ක් පුරා පැවැත්වෙන තරගාවලිය සදහා තරග 45ක් ඇතුලත්වේ.
සමාරම්භක තරගය සත්කාරක ඕමානය හා ලෝක කුසලානයේ කෝඩුකාරයින් වන පැපුවා නිව්ගිනියාව අතර පැවැත්වේ.ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරග වටය යටතේ ශ්‍රී ලංකාව ‘ඒ’ කාණ්ඩයන් තරග වදින අතර එහිදී කණ්ඩායම ඔක්තෝබර් මස 18 වැනිදා නැමීබියාවට එරෙහිවත් ඔක්තෝබර් 20 වැනිදා අයර්ලන්තයට එරෙහිවද 22 වැනිදා නෙදර්ලන්තයට එරෙහිවද තරග වදිනු ඇත. සුදුසුකම් ලැබීමේ තරගාවලියෙන් පසුව සුපිරි 12දෙනාගේ වටයට තේරේම සදහා ඉහත තරග 3න් 2ක් ජයග්‍රහනය් කිරීම අනිවාර්යවේ. සුදුසුකම් ලැබීමේ තරගාවලියේ ‘ඒ’ කාණ්ඩයෙන් පළමු ස්ථානයට පත් වන කණ්ඩායම සුපරි කණ්ඩායම් 12 අතර තරග වටයේ ‘ඒ’ කාණ්ඩයටද දෙවැනි ස්ථානයට පත්වන කණ්ඩායම ‘බී’ කාණ්ඩයටද තේරී පත්වනු ඇත.

මෙම තරගාවලියේ සුපිරි කණ්ඩායම් අතර තරග වටය යටතේ කාණ්ඩයකට කණ්ඩායම් 6 බැගින් වන සේ ලීග් ක්‍රමයට අනුව තරග පැවැත්වේ. එම තරග වටය අවසානයේ කාණ්ඩ අතර පෙරමුණ ගනු ලබන කණ්ඩායම් යුගලය තෙවැනි තරග වටය වන අවසන් පූර්ව තරග වටයට සුදුසුකම් ලබනු ඇත. ICC 20-20 ශ්‍රේණිගත කිරීම්හි ඉදිරියෙන් සිටින කණ්ඩායම් අතර ඔස්ට්‍රේලියාව, එංගලන්තය, දකුණු අප්‍රිකාව සහ බටහිර ඉන්දීය කොදෙව් පිල ‘ඒ’ කාණ්ඩයෙන්ද ඉන්දියාව, පාකිස්තානය, නවසීලන්තය සහ ඇෆ්ගනිස්ථානය බී කාණ්ඩයෙන්ද සුපිරි කණ්ඩායම් 12 තරග වටය යටතේ තරග වදිති.

 

මෙවර ප්‍රථම වරට සුදුසුකම් ලබාගැනීමේ වටයට ක්‍රීඩාකරන ශ්‍රී ලංකාව පසුගිය ලෝක කුසලාන තරගවාර 6 තුලදී කැපිපෙනෙන දස්කම් දැක්වීමට සමත්ව තිබේ. ඒ අතර 2014 ශුරයින් ලෙසත් තවත් අවස්ථා 2කකදී අනුශූරයින් ලෙසත් කිරුලු පළදා තිබේ. මිට අමතරව එදා මෙදා තුර ලෝක කුසලාන තරග 35 කට ක්‍රීඩා කර ඇති ශ්‍රී ලංකාව ඉන් තරග 22 ක් ජය ගනිමින් මෙතෙක් වැඩිම ජයග්‍රහණය සංඛ්‍යාවක් වාර්තා කර සිටින කණ්ඩායම බවට පත්ව සිටියි.

ශූරයින් බවට පත්වන කණ්ඩායමට ඇමරිකන් ඩොලර් ලක්ෂ 16 ක් හෙවත් ශ්‍රී ලංකා මුදලින් රුපියල් කෝටි 32 කට ආසන්න මුදලක් හිමිවන අතර අනුශූරයින්ට ශ්‍රී ලංකා මුදලින් රුපියල් කෝටි 16 ක් පිරිනැමෙනු ඇත. මීට අමතරව අවසන් කණ්ඩායමට 4 අතරට පිවිසෙන කණ්ඩායම් දෙකට ඇමරිකන් ඩොලර් ලක්ෂ 4 බැගින් පිරිනැමෙන අතර සෑම වටයකම සිදුවන තරග නියෝජනයේදී වෙන් වෙන් මුදල් ත්‍යාග පිරිනැමීමට අයි.සී.සී. ය පියවර ගෙන තිබේ.

දසුන් ශානකගේ නායකත්වය යටතේ 7 වන 20-20 ලෝක කුසලානයට සහභාගිවන අත්දැකීම් අඩු තරුණ කණ්ඩායම පුහුණු තරග 2ම ජයගනිමින් ජයග්‍රාහී මානසිකත්වයකින් තරගාවලියට අවතිරනවේ. ශ්‍රී ලංකා ක්‍රීඩාලෝලී සියලුදෙනා වෙනුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට thearticleteam කණ්ඩායම සුබපැතුම් එක්කරමු. පුරාදින 29ක් පැවැත්වෙන ICC 20-20 ලෝකකුසලාන තරගාවලියේ උණුසුම් විස්තර දැනගැනීමට අප සමග රැදී සිටිනමෙන් ආරාධනා කරමු.

Related posts

Leave a Comment