ඕමානයට පහසු ජයක්

7වන 20-20 ලෝක කුසලාන තරගාවලියේ සමාරම්භක දිනයේදී වැඩි ගෞරව අත්පත් කරගැනීමට සත්කාරක ඕමාන් කණ්ඩායමත්, ස්කොට්ලන්ත කණ්ඩායමත් සමත්විය.
ප්‍රථම තරගය ඕමානය හා පැපුවා නිව්ගිනියාව අතර පැවැත්විණි. එහිදී කදුළු 10ක පහසු ජයක් වාර්තාකිරීමට ඕමාන් කණ්ඩායම සමත්විය
කාසිය වාසිය දිනු ඕමාන් නායක Zeeshan Maqsood පළමුව පන්දුවට පහරදීමට පැපුවා නිව්ගිනියාවට ආරාධනා කල අතර ඊට පිළිතුරු ලෙස සිය පන්දුවාර 20 අවසානයේ කඩුලු 9ක් දැවී ලකුණු 129ක් වාර්තා කරනලදී.
විශිෂ්ට පිතිකරණයක් නිරතවූ නායක Assad Vala පන්දු 43කදී ලකුණු 56ක් ලබාගනිමින් 2021 20-20
ලෝක කුසලාන තරගමාලාවේ ප්‍රථම අර්ධ ශතකය තමන් ඉදිරියේ සනිටුවහන් කරගන්නාලදී. Charles Amini පන්දු 26 කදී ලකුණු 37ක් ලබාගත්හ. ඔවුන් දෙදෙනා හැරුනුකොට අන් කිසිදු පිතිකරුවෙකුට සාර්ථක වීමට ඕමාන් පන්දුයවන්නන් ඉඩ ලබා නොදුන්හ.
ඕමාන් නායක Zeeshan Maqsood සිය පන්දුවාර 4 තුලදී ලකුණු 20 කට කඩුලු 4ක් බිද දමමින් පන්දුවෙන් විශිෂ්ට දස්කම් දක්වනලදී.

පිළිතුරු ඉනිම් ක්‍රීඩාකළ ඕමාන් පිතිකරුවෝ පන්දුවාර 13.4 කදී කිසිදු කඩුල්ලක් නොදැවී ලකුණු 131ක් ලබාගනිමින් කෝඩුකාර පැපුවා නිව්ගිනියාවට අමිහිරි පරාජයක් අත්කරදෙන ලදී. ඕමාන් කණ්ඩායම වෙනුවෙන් Jatinder Singh ලකුණු 73ක්ද Aqib Ilyas ලකුණු 50ක්ද වර්තකරනලදී. මෙම ජයග්‍රහණයත් සමගින් ප්‍රසාද ලකුණු 2ක් ලබාගනිමින් සුදුසුකම් ලබාගැනීමේ වටයේ B කාණ්ඩයේ පෙරමුණ ගැනීමට ඕමාන් කණ්ඩායම සමත්විය. තරගයේ වීරයා Zeeshan Maqsood.

Related posts

Leave a Comment