බංගලාදේශයට නොසිතු පරාජයක්

ලෝක කුසලාන තරගාවලියේ 2 වන තරගය ස්කොට්ලන්තය හා බංගලාදේශය අතර පැවැත්විනි. බංගලාදේශයට අමිහිරි ආරම්භයක් සනිටුහන් කරමින් මෙම තරගයේ ජය තියුණු ලකුණු 6කින් ස්කොට්ලන්තය තමන් සතුකර ගනනා ලදී.
කාසියේ වාසිය දිනු බංගලාදේශ නායක Mahmudullah මුලින්ම පන්දුවට පහරදීමට ස්කොට්ලන්තයට ආරාධනා කල අතර සාර්ථක ආරම්භයක් ලබාගැනීමට බංගලාදේශ පන්දුයවන්නන් ඉඩ ලබානොදුන් අතර පන්දුවාර 10 අවසානයේදී ලකුණු 53කට කඩුලු 6ක් දැවී ඉතා අසීරු අවස්ථාවකට පත්ව තිබුණි. එහෙත් පිටියේ එක්වූ Chris Greaves හා Mark Watt විශිෂ්ට ලකුණු 49ක් 7 වන කඩුල්ල වෙනුවෙන් එක්කරමින් ස්කොට්ලන්ත බලාපොරොත්තු ඉහලනන්වන ලදී. පන්දුවාර 20 අවසානයේදී ස්කොට්ලන්තය කඩුලු 9 කට ලකුණු 140ක් ලබාගනිමින් බංගලාදේශයට හොද අභියෝගයක් ලබාදෙන ලදී. Chris Greaves ලකුණු 45ක්ද Mark Watt ලකුණු 22ක්ද ලබාගනිමින් ස්කොට්ලන්ත ලකුණු පුවරුව ශක්තිමත් කරනලදී. පන්දු යැවීමේදී Mahedi Hasan ලකුණු 19 කට කඩුලු 3ක්ද Shakib Al Hasan ලකුණු 17 කට කඩුලු 2ක්ද දවාගනිමින් දස්කම් දැක්විය.

පිළිතුරු ඉනිම ක්‍රීඩාකළ බංගලාදේශ පිතිකරුවන් සිය පන්දුවාර 20 තුලදී ලකුණු 134 කට සිමා කිරීමට ස්කොට්ලන්ත පන්දුයවන්නන් සමත්විය. Mushfiqur Rahim ලකුණු 38ක්ද නායක Mahmudullah ලකුණු 23ක්ද රස්කරනලදී. පිත්තෙන් දස්කම් දැක්වූ Chris Greaves පන්දුයවමින් ලකුණු 19 ට කඩුලු 2ක් බිදදමමින් ස්කොට්ලන්තය වෙනුවෙන් මනා මෙහෙවරක් ඉටුකරන ලදී. Brad Wheal ලකුණු 24 ට කඩුලු 3ක් දවාගන්නාලදී.
මේ අනුව බංගලාදේශයට ඉතිහාසයේ සිදුවූ තවත් අමිහිරි පරාජ අත්දැකීමක් එක්කරමින් ස්කොට්ලන්ත ලකුණු 6කින් ජය වාර්තාකරණ ලදී.

Related posts

Leave a Comment