ස්කොට්ලන්තය B කාණ්ඩයේ පෙරමුණට .

සුදුසුකම් ලැබීමේ වටයේ 5 වන තරගය ස්කොට්ලන්තය හා පැපුවා නිව් ගිනීයාව අතර අද (19) එක්සත් අරාබි එමීර් හිදී පවතී අතර ලකුණු 17ක ජයක් වාර්තා කිරීමට ස්කොට්ලන්ත ක්‍රීඩකයන් සමත්විය. කාසිය වාසිය දිනු ස්කොට්ලන්ත නායක Kyle Coetzer මුලින් පන්දුවට පහරදුන් අතර සිය පන්දුවාර 20 අවසානයේදී කඩුලු 9 කට ලකුණු 165ක් ලබාගත්හ.Richie Berrington ලකුණු 70ක් හා Matthew Cross ලකුණු 45ක් ලබාගනිමින් ඉනිම ශක්තිමත් කරන ලදී. පන්දු යැවීමේදී Kabua Morea කඩුලු 4ක් ද Chad Soper කඩුලු 3ක්ද බිදහෙලමින් දක්ෂතා දක්වනලදී.
පිළිතුරු ඉනිම් ක්‍රීඩාකළ පැපුවා නිව් ගිනීයාව පන්දුවාර 19.3 අවසානයේ සියලුදෙනා දැවී ලකුණු 148ක් රැස්කරගන්නා ලදී. Norman Vanua පන්දු 37කදී ලකුණු 47ක් රැස්කරනලදී. පන්දු යැවීමේදී Josh Davey කඩුලු 4ක් බිදහෙලන ලදී.

මෙම ජයග්‍රහණයත් සමග ප්‍රසාද ලකුණු 4ක් සමගින් බ කාණ්ඩයේ පෙරමුණ ගැනීමට ස්කොට්ලන්තය සමත්විය. තරගයේ වීරයා ස්කොට්ලන්තයේ Richie Berrington

Related posts

Leave a Comment