නැමීබියාවට පෙරළිකාර ජයක්

සුදුසුකම් ලැබීමේ වටයේ 7 වන තරගය නැමීබියාව හා නෙදර්ලන්තය අතර අබුඩාබි හිදී අද (20) පැවැත්වූ අතර නෙදර්ලන්තය කඩුලු 6කින් පරදවා 20-20 ලෝක කුසලාන තරගාවලියේ ප්‍රථම ජය වර්තාකරනලදී.
කාසිය වාසිය දිනු නැමීබියා නායක Gerhard Erasmus මුලින්ම පන්දු රැකීමට තීරණය කල අතර නෙදර්ලන්තය සිය පන්දුවාර 20 අවසානයේ කඩුලු 4කට ලකුණු 164ක් ලබාගනිමින් හොද අභියෝගයක් නැමීබියාවට ලබාදෙන ලදී. නෙදර්ලන්තය වෙනුවෙන් Max O’Dowd ලකුණු 70ක් ලබාගතහ. පන්දු යැවීමේදී Jan Frylinck ලකුණු 36කට කඩුලු 2ක් බිදහෙළිය.
පිළිතුරු ඉනිම ක්‍රීඩාකළ නැමීබියාව පන්දුවාර 19ක් අවසානයේ කඩුලු 4කට ලකුණු 166ක් ලබාගනිමින් නෙදර්ලන්තයේ සුපිරි 12ට සුදුසුකම් ලබාගැනීමේ සිහිනය තවත් අසිරුකරන ලදී.නැමීබියාව වෙනුවෙන් හිටපු දකුණු අප්‍රිකානු ක්‍රීඩක David Wiese පන්දු 40 කදී වේගවත් ලකුණු 66ක් ලබාගත්හ.පන්දු යැවීමේදී Fred Klaassen,Colin Ackermann,Timm van der Gugten හා Pieter Seelaar අතර එක කඩුල්ල බැගින් බෙදිගියහ.මෙම ලකුණු හබායැම නැමීබියා ඉතිහාසයේ ඉහලම ලකුණු හබායැම ලෙස ඉතිහාසයට එක්වේ.
ප්‍රථම වරට ලෝක කුසලාන සුදුසුකම් ලබාගැනීමේ තරගාවලියකට ක්‍රීඩාකරන නැමීබියා කණ්ඩායමේ දක්ෂතාවය බොහෝ දෙනාගේ කතාබහට ලක්විය. තරගයේ වීරයා David Wiese.

Related posts

Leave a Comment