ඕස්ට්‍රේලියාවට කඩුලු 5ක පහසු ජයක්


ලෝක කුසලාන තරගාවලියේ 13 වන තරගය ඕස්ට්‍රේලියාව හා දකුණු අප්‍රිකාව අතර අබුඩාබි හිදී අද (23) පැවැත්වීය. සුපිරි 12හි 1 වන කාණ්ඩය යටතේ පැවති මෙම තරගයේ කාසියේ වාසිය දිනු ඕස්ට්‍රේලියානු නායක Aaron Finch මුලින්ම පන්දුවට පහරදීමටදකුණු අප්‍රිකාවට ආරාධනා කිරීමෙන් අනතුරුව කි සිය පන්දුවාර 20 අවසානයේ කඩුලු 9ක් දැවී දැවී ලකුණු 118ක් ලබාගත්හ.Aiden Markram ලකුණු 40ක් ලබාගත් අතර අන් කිසිදු පිතිකරුවකුට සාර්ථක වීමට ඕස්ට්‍රේලියානු පන්දු යවන්නන් ඉඩ ලබා නොදුන්හ. පන්දු යැවීමේදී Adam Zampa,Josh Hazlewood හා Mitchell Starc කඩුලු 2 බැගින් බිදහෙලීය.

පිළිතුරු ඉනිම් ක්‍රීඩාකළ ඕස්ට්‍රේලියානු වන් පන්දුවාර 19.4ක් අවසානයේ කඩුලු 5ක් දැවී ජයග්‍රාහී කඩඉම පහසුවෙන් පසුකරන ලදී. Steven Smith ලකුණු 34ක්ද Marcus Stoinis නොදැවී ලකුණු 24ක්ද ලබාගනිමින් ඕස්ට්‍රේලියාව ජයග්‍රහණය කරා මෙහෙයවන ලදී.

පන්දු යැවීමේදී Anrich Nortje ලකුණු 21කට කඩුලු 2ක් ලබාගන්නා ලදී. මේ අනුව ප්‍රථම තරගය ජයගත් ඕස්ට්‍රේලියාව ප්‍රසාද ලකුණු 2ක් හිමිකරගත්හ. තරගයේ වීරයා සම්මානය පන්දුවෙන් දස්කම් දැක්වූ Josh Hazlewood ට හිමි විය.

Related posts

Leave a Comment