බටහිර ඉන්දීය කොදෙවුවන්ට අමිහිරි පරාජයක්

ලෝක කුසලාන තරගාවලියේ 14 වන තරගය එංගලන්තය හා බටහිර ඉන්දීය කොදෙවුවන් අතර ඩුබායි හිදී අද (23) පැවැත්වීය. සුපිරි 12හි 1 වන කාණ්ඩය යටතේ පැවති මෙම තරගයේ කාසියේ වාසිය දිනු එංගලන්ත නායක Eoin Morgan මුලින්ම පන්දුවට පහරදීමට බටහිර ඉන්දීය කොදෙවුවන්ට ආරාධනා කිරීමෙන් අනතුරුව සිය පන්දුවාර 14.2 අවසානයේ සියලුදෙනා දැවී ලකුණු 55ක් ලබාගත්හ.Chris Gayle පමණක් ලකුණු 13ක් ලබාගත් අතර අන් කිසිදු පිතිකරුවකුට ලකුණු 10 සිමාව පසුකිරීමට එංගලන්ත පන්දු යවන්නන් ඉඩ ලබා නොදුන්හ. පන්දු යැවීමේදී විශිෂ්ට පන්දු යැවීමක නිරතවූ Adil Rashid පන්දුවාර 2.2 කදී ලකුණු 2කට කඩුලු 4ක් ලබාගනිමින් බටහිර ඉන්දීය කොදෙවුවන් අසරණ කරනලදී. මිට අමතරව Moeen Ali හා Tymal Mills කඩුලු 2 බැගින් බිදහෙලීය. බටහිර ඉන්දීය කොදෙවුවන් ලබාගත් ලකුණු 55 T 20 ලෝක කුසලාන ඉතිහාසයේ කණ්ඩායමක් ලබාගත් 3වන අඩුම ලකුණු ගණන ලෙස වාර්තාවේ.

පිළිතුරු ඉනිම් ක්‍රීඩාකළ එංගලන්තය පන්දුවාර 8.2ක් අවසානයේ කඩුලු 4ක් දැවී ජයග්‍රාහී කඩඉම පහසුවෙන් පසුකරන ලදී. Jos Buttler නොදැවී ලකුණු 24යි. පන්දු යැවීමේදී Akeal Hosein ලකුණු 24කට කඩුලු 2ක් ලබාගන්නා ලදී. මේ අනුව ප්‍රථම තරගය ජයගත් එංගලන්තය ප්‍රසාද ලකුණු 2ක් හිමිකරගත්හ. තරගයේ වීරයා සම්මානය Moeen Aliට හිමි විය.

Related posts

Leave a Comment