පාකිස්ථානය කඩුලු 10කින් ජයගනී.

ලෝක කුසලාන තරගාවලියේ 16 වන තරගය පාකිස්ථානය හා ඉන්දියාව අතර අබුඩාබි හිදී අද (24) පැවැත්වීය. සුපිරි 12හි 2 වන කාණ්ඩය යටතේ පැවති මෙම තරගයේ කාසියේ වාසිය දිනු පාකිස්ථාන නායක Babar Azam මුලින්ම පන්දුවට පහරදීමට ඉන්දියාවට ආරාධනා කිරීමෙන් අනතුරුව සිය පන්දුවාර 20 අවසානයේදී කඩුලු 7කට ලකුණු 151ක් ලබාගත්හ. නායක Virat Kohli ලකුණු 57ක් හා Rishabh Pant ලකුණු 39ක් ලබාගත්හ. පන්දු යැවීමේදී Shaheen Shah Afridi කඩුලු 3ක් Hasan Ali කඩුලු 2ක් ද Shadab Khan හා Haris Rauf අතරේ එක කඩුල්ල බැගින් බෙදී ගියහ.
පිළිතුරු ඉනිම ක්‍රීඩාකළ පාකිස්ථානුවන් ඉන්දියානු පන්දු යවන්නන්ට රිසිසේ පහර දෙමින් කිසිදු කඩුල්ලක් නොදැවී පන්දුවාර 17.5 කදී ජයග්‍රහණය වාර්තාකරණ ලදී.නායක Babar Azam ලකුණු 68ක් හා Mohammad Rizwan ලකුණු 79ක් ලබා ගන්නාලදී.
මෙම ජයග්‍රහණය පාකිස්ථානය  ලෝක කුසලාන තරගාවලියක ඉන්දියාව පරාජය කල ප්‍රථම අවස්ථාව ලෙසත් පාකිස්ථානය T 20 තරගයක කඩුලු 10කින් ජයගත් ප්‍රථම අවස්ථාවත් ලෙස හැදින්විය හැක.
තරගයේ වීරයා Shaheen Shah Afridi.

Related posts

Leave a Comment