ශ්‍රී ලංකාවට වාර්තාගත ජයක්

ලෝක කුසලාන තරගාවලියේ 15 වන තරගය ශ්‍රී ලංකාව හා බංගලාදේශය අතර සාජා හිදී අද (24) පැවැත්වීය.ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රබල තුරුම්පුවක්වූ දගපන්දු යවන මහේෂ් තීක්ෂණ පෙර තරගයේදී ඇතිවූ අබාධයක් හේතුවෙන් අද තරගයට ක්‍රීඩා නොකළ අතර බිනුර ප්‍රනාන්දු කණ්ඩායමට එක්කොට තිබිණි. සුපිරි 12හි 1 වන කාණ්ඩය යටතේ පැවති මෙම තරගයේ කාසියේ වාසිය දිනු ශ්‍රී ලංකා නායක දසුන් ශානක මුලින්ම පන්දුවට පහරදීමට බංගලාදේශයට ආරාධනා කිරීමෙන් අනතුරුව සිය පන්දුවාර 20 අවසානයේ කඩුලු 4ක් දැවී ලකුණු 171ක් ලබාගත්හ. පෙර තරග වලදී සාර්ථක වූ ශ්‍රී ලංකික පන්දු යැවීමේ බලඇණිය බංගලාදේශ පිතිකරුවන් විසින් තම පාලනයට නතුකරගන්නා ලදී. Chamika Karunaratne,Binura Fernando හා Lahiru Kumara අතරේ එක කඩුල්ල බැගින් බෙදී ගිය අතර කිසිදු පන්දු යවන්නෙකු සිය සුපුරුදු දස්කම් අතරට නොපැමිණිය. බංගලාදේශය වෙනුවෙන් Mohammad Naim ලකුණු 62ක් හා Mushfiqur Rahim නොදැවී ලකුණු 57ක් රැස්කළහ.

ලකුණු 172ක් ප්‍රබල ඉලක්කයක් අතැතිව ක්‍රීඩා පිටියට පැමිණි ශ්‍රී ලංකා ආරම්භක පිතිකරුවන් හට සාර්ථක වීමට ඉඩ නොදී ලකුණු පුවරුව ලකුණු 2ක් තිබියදී කුසල් ලකුණු 1කට දවිගියහ. චරිත හා පැතුම් 2වන කඩුල්ල වෙනුවෙන් පැවැත්වූ ලකුණු 69ක සබදතාව Shakib Al Hasan විසින් 8වන පන්දුවාරයේදී බිදහෙළිය එම පන්දුවාරය තුල අවිශ්ක ප්‍රනාන්දුත් දවාගත් ඔහු තරගය නැවතත් බංගලාදේශය වෙත නතුකර ගන්නාලදී.5වන කඩුල්ල වෙනුවෙන් චරිත හා භානුක අතර ලකුණු 86ක සබදතාව ශ්‍රීලංකා කණ්ඩායම ජයග්‍රහණය කරවීම සදහා මනා පිටුවහලක් විය. Bhanuka Rajapaksa පන්දු 31කදී වේගවත් ලකුණු 53ක් රැස්කළහ. Charith Asalanka නොදැවී ලකුණු 80
පන්දු 7ක් ඉතිරිව තිබියදී ශ්‍රී ලංකාව ජයග්‍රාහී කඩඉම පසුකළහ. මෙය ශ්‍රීලංකා කණ්ඩායමක් ලෝක කුසලාන T 20 තරගාවලියක හබා ගොස් ජය ලැබූ ඉහලම ලකුණු සංඛ්‍යාවවේ.
මේ අනුව ශ්‍රීලංකාව සුපිරි 12 වටයේ තම ප්‍රථම තරගය ජය ගනිමින් ප්‍රසාද ලකුනු 2 ක් ලබා ගන්නාලදී. තරගයේ වීරයා Charith Asalanka

Related posts

Leave a Comment