පාකිස්තානයට දෙවන ජයත්

ලෝක කුසලාන තරගාවලියේ 19 වන තරගය පාකිස්තානය හා නවසීලන්තය අතර සාජා හිදී අද (26) පැවැත්වීය. සුපිරි 12හි 2 වන කාණ්ඩය යටතේ පැවති මෙම තරගයේ කාසියේ වාසිය දිනු පාකිස්තාන නායක Babar Azam මුලින්ම පන්දු රැකීමට තීරණය කරන ලදී.
නවසීලන්තය සිය පන්දුවාර 20 අවසානයේදී කඩුලු 8කට ලකුණු 134ක් රැස්කරන ලදී. Devon Conway හා Kane Williamson ලකුණු 27 බැගින් රැස්කරන ලදී.
පන්දු යැවීමේදී Haris Rauf කඩුලු 4ක්ද Shaheen Shah Afridi,Imad Wasim හා Mohammad Hafeez එක කඩුල්ල බැගින් දවා ගන්නාලදී.
පිළිතුරු ඉනිම ක්‍රීඩාකළ පාකිස්තානය පන්දුවාර 18.4 අවසානයේදී කඩුලු 5ක් දැවී පහසුවෙන් ජයග්‍රහනය කරනලදී.Mohammad Rizwan ලකුණු 33යි විශිෂ්ට පිතිකරණයක නියැලුණු Asif Ali පන්දු 12කදී නොදැවී ලකුණු 27යි Shoaib Malik නොදැවී ලකුණු 26 පන්දු යැවීමේදී Ish Sodhi කඩුලු 2යි . මෙම ජයත් සමග පාකිස්තානය ප්‍රසාද ලකුණු 4ක් ලබා දෙවන කාණ්ඩයේ ප්‍රථම ස්ථානයේ පසුවේ .
තරගයේ වීරයා Haris Rauf

Related posts

Leave a Comment