බටහිර ඉන්දීය කොදෙවුවන් තවත් අසරණවේ

ලෝක කුසලාන තරගාවලියේ 18 වන තරගය බටහිර ඉන්දීය කොදෙවුවන් හා දකුණු අප්‍රිකාව අතර ඩුබායි හිදී අද (26) පැවැත්වීය. සුපිරි 12හි 1 වන කාණ්ඩය යටතේ පැවති මෙම තරගයේ කාසියේ වාසිය දිනු දකුණු අප්‍රිකා නායක Temba Bavuma මුලින්ම පන්දු රැකීමට තීරණය කරන ලදී.
බටහිර ඉන්දීය කොදෙවුවන් සිය පන්දුවාර 20 අවසානයේදී කඩුලු 8කට ලකුණු 143ක් රැස්කරන ලදී. Evin Lewis ලකුණු 56යි සුපිරි ආරම්භක පිතිකරු Lendl Simmons ඉතා දුර්වල පිතිකරණයක නියැලෙමින් පන්දු 35 කදී ලබාගත් ලකුණු 16 කාගේත් කතාබහට ලක්විය.
පන්දු යැවීමේදී Dwaine Pretorius කඩුලු 3ක්ද Keshav Maharaj කඩුලු 2ක්ද Anrich Nortje සිය පන්දුවාර 4 අවසානයේදී ලකුණු 14 කට 1 කඩුල්ලක්ද දවා ගත්හ.
පිළිතුරු ඉනිම ක්‍රීඩාකළ දකුණු අප්‍රිකානුවන් පන්දුවාර 18.2 අවසානයේදී කඩුලු 2ක් දැවී පහසුවෙන් ජයග්‍රහනය කරනලදී. විශිෂ්ට පිතිකරණයක නියැලුණු Aiden Markram පන්දු 26කදී නොදැවී ලකුණු 51යි Rassie van der Dussen නොදැවී ලකුණු 43 පන්දු යැවීමේදී Akeal Hosein එක් කඩුල්ලක් දවා ගත්හ. මෙම ජයත් සමග දකුණු අප්‍රිකාව ප්‍රසාද ලකුණු 2ක් ලබාගත් අතර බටහිර ඉන්දීය කොදෙවුවන් තවම ප්‍රසාද ලකුණු ලබා නොමැත.
තරගයේ වීරයා Anrich Nortje

Related posts

Leave a Comment