ස්කොට්ලන්තය 60ට දැවීයයි

ලෝක කුසලාන තරගාවලියේ 17 වන තරගය ස්කොට්ලන්තය හා ඇෆ්ගනිස්ථානය අතර සාජා හිදී අද (25) පැවැත්වීය. සුපිරි 12හි 2 වන කාණ්ඩය යටතේ පැවති මෙම තරගයේ කාසියේ වාසිය දිනු ඇෆ්ගනිස්ථාන නායක Mohammad Nabi මුලින්ම පන්දුවට පහරදීමට තීරණය කිරීමෙන් අනතුරුව සිය පන්දුවාර 20 අවසානයේදී කඩුලු 4කට ලකුණු 190ක් ලබාගත්හ. Hazratullah Zazai ලකුණු 44ක්ද Rahmanullah Gurbaz ලකුණු 46 හා Najibullah Zadran ලකුණු 59ක් ලබාගත්හ. පන්දු යැවීමේදී Safyaan Sharifකඩුලු 2ක් Josh Davey හා Mark Watt 1 කඩුල්ල බැගින් දවාගත්හ .
පිළිතුරු ඉනිම් ක්‍රීඩාකළ ස්කොට්ලන්තය පන්දුවාර 10.2 අවසානයේදී සියලු දෙනා දැවී 60 කට සීමා කිරීමට ඇෆ්ගනිස්ථාන පන්දුයවන්නන් සමත් විය. George Munsey ලකුණු 25ක් ලබාගත් අතර අන් කිසිදු පිතිකරුවෙකුට ඉහල ලකුණු කරා යෑමට නොහැකිවිය.
පන්දු යැවීමේදී Mujeeb Ur Rahman ලකුණු 20ට කඩුලු 5ක්ද Rashid Khan ලකුණු 9ට කඩුලු 4ක්ද බිදහෙළිය.
තරගයේ වීරයා Mujeeb Ur Rahman

Related posts

Leave a Comment