එංගලන්තය 1වන කාණ්ඩයෙන් පෙරමුණට

ලෝක කුසලාන තරගාවලියේ 20 වන තරගය එංගලන්තයහා බංගලිදේශය අතර අබුඩාබි හිදී අද (27) පැවැත්වීය. සුපිරි 12හි 1 වන කාණ්ඩය යටතේ පැවති මෙම තරගයේ කාසියේ වාසිය දිනු බංගලිදේශය නායක Mahmudullah මුලින්ම පන්දුවට පහරදීමට තීරණය කරන ලදී.
ඒ අනුව සිය පන්දුවාර 20 අවසානයේදී බංගලිදේශය කඩුලු 9කට ලකුණු 124ක් රැස් කරනලදී Mushfiqur Rahim ලකුණු 29ක් හා නායක Mahmudullah ලකුණු 19ක් ලැබිය. පිටියේ කිසිදු පිතිකරුවෙකුට සාර්ථක වීමට එංගලන්ත පන්දු යවන්නන් ඉඩ ලබා නොදුන්හ. පන්දු යැවීමේදී Tymal Mills කඩුලු 3ක් ද Moeen Ali හා Liam Livingstone කඩුලු 2 බැගින්ද දවා ගන්නාලදී.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කල එංගලන්තය පන්දුවාර 14.1 අවසානයේදී කඩුලු 2ක් දැවී ජයග්‍රහණය වාර්තා කරන ලදී. Jason Roy ලකුණු 61යි Dawid Malan නොදැවී ලකුණු 28යි. පන්දු යැවීමේදී Shoriful Islam හා Nasum Ahmed එක කඩුල්ල බැගින් දවා ගන්නා ලදී.
තරගයේ වීරයා Jason Roy මෙම ජයත් සමග ප්‍රසාද ලකුණු 4ක් ලබාගනිමින් එංගලන්තය 1 වන කාණ්ඩයේ පෙරමුණෙන් පසුවේ.

Related posts

Leave a Comment