නැමීබියාවේ අභියෝගය

ලෝක කුසලාන තරගාවලියේ 21 වන තරගය නැමීබියාව හා ස්කොට්ලන්තය අතර අබුඩාබි හිදී අද (27) පැවැත්වීය. සුපිරි 12හි 2 වන කාණ්ඩය යටතේ පැවති මෙම තරගයේ කාසියේ වාසිය දිනු නැමීබියා නායක Gerhard Erasmus මුලින් පන්දු රැකීමට තීරණය කරන ලදී.

ඒ අනුව සිය පන්දුවාර 20 අවසානයේදී ස්කොට්ලන්තය කඩුලු 8කට ලකුණු 109ක් රැස් කරනලදී Michael Leask ලකුණු 44ක් හා Chris Greaves ලකුණු 25ක් ලැබිය. පිටියේ අන් කිසිදු පිතිකරුවෙකුට සාර්ථක වීමට නැමීබියානු පන්දු යවන්නන් ඉඩ ලබා නොදුන්හ. පන්දු යැවීමේදී Ruben Trumpelmann කඩුලු 3ක් ද Jan Frylinck කදුළු 2ක් ද JJ Smit හා David Wiese එක කඩුල්ල බැගින්ද දවා ගන්නාලදී.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කල නැමීබියාව පන්දුවාර 19.1 අවසානයේදී කඩුලු 6ක් දැවී ජයග්‍රහණය වාර්තා කරන ලදී. Craig Williams ලකුණු 23 යි JJ Smit නොදැවී ලකුණු 32යි. පන්දු යැවීමේදී Michael Leask කඩුලු 2ක්ද Brad Wheal,Safyaan Sharif,Chris Greaves හා Mark Watt එක කඩුල්ල බැගින් දවා ගන්නා ලදී.
තරගයේ වීරයා Ruben Trumpelmann මෙම ජයත් සමග ප්‍රසාද ලකුණු 2ක් ලබාගනිමින් නැමීබියාව සුපිරි 12 වටයේ ප්‍රසාද ලකුණු ලබාගැනීම ආරම්භ කරන ලදී. සුදුසුකම් ලබා ගැනීමේ වටයේදී අපරාජිතව සිටි ස්කොට්ලන්තය ලැබූ මෙම පරාජයත් සමග කෝඩුකාර නැමීබියාව කෙරෙහි කාගේත් අවධානය යොමුවිය.

Related posts

Leave a Comment